Search

‘අයියෝ සාමි’ ගීතයට වින්ඩි ගුණතිලක ඉන්දියාවේදී සම්මාන ලබයි

ජනප්‍රිය ගායිකාවක් වන වින්ඩි ගුණතිලක ගායනා කරන ‘අයියෝ සාමි’ දමිළ ගීතය සඳහා ඉන්දියාවේදී සම්මානයක් හිමිවී තිබෙනවා.

පසුගියදා දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී වසරේ හොඳම සංවේදී ගීතය – 2023 සඳහා වන සම්මානයයි මෙලෙස වින්ඩි ගුණතිලක දිනා ගනු ලැබුවේ.

වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහ විසින් ගායනා කරන මෙම ගීතය සිංහල සහ දමිළ ගී පදවල සම්මිශ්‍රණයක් වන අතර එය ලියා ඇත්තේ ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රී ලාංකික ගීත රචකයෙකු වන ‘පොත්තුවිල් අස්මින්’ විසින්.

සනුක වික්‍රමසිංහ සහ පොතුවිල් අස්මින් සමඟින් වින්ඩි ගුණතිලක සිය සම්මානය ලබා ගත්තේ ඉන්දීය රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාර මැදයි.

එම අවස්ථාවට ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා ද සහභාගී වී සිටියා.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »