Search

සුනඛයන්ගේ වැරදි නිසා හිමිකරුවන්ට විශාල දඩයක් නියම වීමේ අවදානමක්

සුනඛයන්ගේ මළපහ එම සතුන්ගේ හිමිකරුවන් විසින් නිසි පරිදි බැහැර නොකරන්නේ නම් එය විශාල දඩ මුදලකට ලක්විය හැකි වරදක් බවට ඔස්ට්‍රේලියානු සුනඛ හිමිකරුවන්ට දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ප්‍රාන්ත සහ ප්‍රදේශ හතක කවුන්සිල 12ක දත්ත අනුව කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ මෙම දඩ මුදල් නිකුත් කරනු ලබන්නේ කලාතුරකින් වීම හේතුවෙන් ජනතාවට එම වරද පිළිබඳ තැකීමක් නොමැති බවයි.

සුනඛ අපද්‍රව්‍ය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට බලපෑම් ඇති කළ හැකි අතර එම මළපහවල අඩංගු බැක්ටීරියා හේතුවෙන් රෝග මෙන්ම දේශීය ශාක සහ සතුන්ට ද අහිතකර බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

මෙල්බන් විශ්ව විද්‍යාලයේ නාගරික විවිධත්ව පර්යේෂකක් වන කයිලි සෝන්ස් පෙන්වා දෙන්නේ සුනඛ සුරතලුන්ගේ මළපහ ස්වභාවධර්මයේ කොටසක් ලෙස සිතුව ද එය එලෙස නොවන බවයි.

කොවිඩ් වසංගතයෙන් පසු මෙරට සුනඛ හිමිකාරිත්වය ඉහළ ගොස් ඇති අතර පවුල් ඒකකවලින් අඩකට ආසන්න ප්‍රමාණයක සුනඛයෙක් සිටින බවයි සඳහන් වන්නේ.

එමෙන්ම සුනඛයන් දේශීය සතුන්ට ද තර්ජනයක් ලෙස හඳුනාගෙන ඇති අතර සුනඛ මළපහ ජල දූෂණයට ද සැලකිය යුතු දායකත්වයක් සපයන බව නව පර්යේෂණයකින් හෙළි කරගෙන තිබෙනවා.

සුනඛ මළ මූත්‍රා බැහැර කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉහළම දඬුවම් වාර්තා කර ඇත්තේ ඩාර්වින් නගරයේ වන අතර සුනඛ අසූචි නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් හිමිකරුවන්ට ඩොලර් 528ක ස්ථානීය දඩයක් නියම කර ඇති බව සඳහන්.

එය මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කළ අපරාධ වරදක් ලෙස දඩයක් නියම කළ විට ඩොලර් 9250ක උපරිමයක් ද වනු ඇති බවයි දැනුම් දෙන්නේ.

මෙරට සියලුම උද්‍යානවල සහ සුනඛයන් ගැවසෙන පොදු ස්ථානවල ඔවුන්ගේ අපද්‍රව්‍ය බැහැර කිරීමට පහසු කිරීම සඳහා බඳුන් සහ කුණු බෑග් ස්ථාපිත කර තිබෙනවා.

වැරදිකරුවන් හඳුනාගැනීමේ අපහසුව සහ මහජනතාව විසින් වාර්තා නොකිරීම හේතුවෙන් මෙම වරද සඳහා දඩ මුදල් අය කර ගැනීමට නොහැකි වී ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ක්වීන්ස්ලන්ඩ් කවුන්සිල කිහිපයක් පසුගියදා තම සුනඛයන් අත්හැර දමා සිටි හිමිකරුවන් සඳහා ඩොලර් 2700ක් දක්වා දඩ මුදලක් ද හඳුන්වා දෙනු ලැබුවා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »