ජංගම දුරකථන භාවිතය මගින් මොළයේ පිළිකා ඇති නොකරන බව ඔස්ට්‍රේලියානු විශේෂඥයන් පිරිසක් විසින් සිදු කළ නව පර්යේෂණයක් මගින් අනාවරණ වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පත් කරන ලද මෙම ජාත්‍යන්තර සමාලෝචන කමිටුව මගින් පිළිකා අවදානම කෙරෙහි විකිරණ සංඛ්‍යාතවල බලපෑම සොයා බලමින් මෙම විමර්ශනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා 1994 සහ 2022 අතර සිදු කරන ලද අධ්‍යයන 63ක දත්ත රැස් කර විශ්ලේෂණය කර තිබෙනවා.
2011 වසරේදී ජංගම දුරකථන පිළිකා කාරකයක් ලෙස වර්ගීකරණය කර තිබුණ ද පර්යේෂකයන්ට ජංගම දුරකථන භාවිතය සහ පිළිකා වර්ධනය අතර සම්බන්ධයක් සොයා ගැනීමට හැකිවී නැහැ.
පර්යේෂණ ප්‍රතිඵලව වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ට ද සමාන වූ අතර දුරකථනය කොපමණ කාලයක් භාවිත කළද ගැටළුවක් නොමැති බවයි විශේෂඥයන් ප්‍රකාශ කළේ.
පර්යේෂණයට එක්වූ මෙල්බන්හි මොනෑෂ් (Monash) විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු සඳහන් කළේ ජංගම දුරකථන භාවිතය සහ මොළයේ පිළිකා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
වසර 10 කට වඩා වැඩි කාලයක් දුරකථනය භාවිතා කිරීම හෝ ජංගම දුරකථන භාවිත කරන කාලය සහ පිළිකා අතර සම්බන්ධයක් නොමැති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
මෙම සොයාගැනීම් මගින් ජංගම දුරකථන මගින් පිළිකා ඇති කරන බවට කළ හෙළිදරව් පදනම් විරහිත වන බව ද අධ්‍යයනයේ සමීක්ෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සොයාගැනීම් සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යන සිදු කෙරෙන අතර එක්සත් රාජධානියේ පර්යේෂකයන් මේ වන විට තරුණයින්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට ජංගම දුරකථනවල බලපෑම පිළිබඳව ද විමර්ශනය කරමින් සිටින බවයි සඳහන් වන්නේ.