වික්ටෝරියා ප්රාන්තයේ පොලිස් නිලධාරීන් වැටුප් ගැටලුවට විසඳුමක් ඉල්ලා වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මෙම වෘත්තීය ක්රියාමාර්ගයට අදාළව වේග නිරීක්ෂණ කැමරා ඇති ස්ථාන සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීම සහ මුර සංචාරයේ යෙදෙන මෝටර් රථවල සටන් පාඨ යෙදීම ද සිදු කරන බවයි සඳහන් වන්නේ.
සියයට තුනක වැටුප් වැඩිවීමක් සහ දින නවයක සතියක් වෙනුවෙන් රජය ගෙන ආ විසඳුම් ප්රතික්ෂේප කිරීමෙන් අනතුරුව පොලිස් සංගම් සාමාජිකයින් මෙම වෘත්තීය ක්රියාමාර්ගයට එක්ව සිටිනවා.
වික්ටෝරියා පොලිස් සංගමයේ ලේකම් වේන් ගැට් පැවසුවේ වසර හතරක් තුළ සියයට 24ක වැටුප් වැඩිවීමක් සිදු විය යුතු අතර තම සාමාජිකයින්ට රජයෙන් වැඩි දෙයක් ලැබිය යුතු බවයි.
අනෙකුත් සේවකයින්ට ඉහළ වැටුප් වැඩිවීම් ලබා දෙන ආකාරය තමන් දැනුවත් අතර පොලිස් සේවයේ ස්වභාවය සහ ප්රජාවට ඇති වැදගත්කම හේතුවන් මෙම ඉල්ලීම් අසාධාරණ නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.