පසුගියදා ආරම්භ කරනු ලැබූ සිඩ්නි මෙට්‍රෝ දුම්රිය සේවය ආරම්භයට වඩා මදක් වේගවත් කිරීමට සැලසුම් සකස් කර ඇතැයි වාර්තා වනවා.
ඒ සිඩ්නි මෙට්‍රෝ දුම්රියේ දොරවල් විවෘත වීමේ සහ වැසීමේ වේගය වෙනස් කිරීමට නියමිත වීම හේතුවෙන්.
දැනට ඇතැම් දුම්රිය ස්ථානවලදී දොරවල් වැසීමට තත්පර 60ක් ගතවුව ද නව සැලැස්මට අනුව එම දොරවල් තත්පර 45ක් වැනි කාලයකින් වැසී යනු ඇති.
දුම්රිය ස්ථානය තුළ එම අවස්ථාවේ පවතින කාර්යබහුලත්වය මත පදනම්ව ඇතැම් දුම්රිය ස්ථානවලදී දොර වැසීමේ කාලය වෙනස් වන බවයි බලධාරීන් සඳහන් කළේ.
උදාහරණයක් ලෙස ජනතව දුම්රිය මාර්ග අතර මාරු වන බැවින් Chatswood හිදී දොරවල් වැසීමේ වේගය අඩු කෙරෙනු ඇති.
වෝටර්ලූහිදී (Waterloo) දුම්රියට නැගීමට සහ ඉන් බැසීමට බලාපොරොත්තුවෙන් සිටින මගීන් අඩු බැවින් දොරවල් ඉක්මනින් වැසෙන බව සඳහන්.
Central Station සිට චැට්ස්වුඩ් (Chatswood) දුම්රිය ස්ථානයට යාමට මෙට්‍රෝ දුම්රිය සේවය මගින් දැනට වැය වන කාලය විනාඩි මිනිත්තු 15ක්.