පන්දුවාර 20 තරගවල පවර් ප්ලේ (Powerplay) අවස්ථාවක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
ඒ ස්කොට්ලන්තයට එරෙහිව පැවැති පළමු පන්දු වාර 20 තරගයේදීයි.
මෙම තරගයේදී ඔස්ට්‍රේලියාව පළමු පන්දු වාර 6 තුලදී එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් රැස් කළ අතර එය සටහන් වන්නේ ක්‍රිකට් කණ්ඩායමක් T20 ජාත්‍යන්තර තරගයකදී මෙතෙක් වාර්තා කළ ඉහළම පවර්ප්ලේ ලකුණු සංඛ්‍යාව ලෙසටයි.
ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සහ නායක මිචෙල් මාෂ් විසින් මෙම තරගයේ හයවැනි පන්දු වාරයේ තුන්වන පන්දුවේදී පවර්ප්ලේ අවස්ථාවක වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ පෙර වාර්තාව පසුකර ගියා.
එමෙන්ම ජාත්‍යන්තර විස්සයි 20 තරගයකදී කණ්ඩායමක් පවර් ප්ලේ අවස්ථාවේදී ලකුණු සියයේ සීමාව පසුකළ දෙවැනි අවස්ථාවද මෙයයි.
2023 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පන්දු වාර 6කදී කිසිවෙකුත් නොදැවී ලකුණු 102ක් රැස්කරමින් දකුණු අප්‍රිකාව තබා තිබූ වාර්තාවයි ඔස්ට්‍රේලියාව මෙලෙස අභිබවා ගියේ.
මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 7ක ජයක් හිමිවුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 154ක් රැස් කළා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 9යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.