Search

පිරිමි ළමයෙකුගේ වැඩක් නිසා හදිසියේ වැසුණු මෙල්බන් පාසල

මෙල්බන්හි පාසලක ආරක්ෂාව හදිසියේම තර කිරීමට සිදු වූ සමාජ මාධ්‍ය සටහන තැබීමට සම්බන්ධ පිරිමි ළමයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙන්ටන් (Mentone) ප්‍රදේශයේ සෙන්ට් බෙඩ්ස් පාසල ඊයේ හදිසියේම පොලිසිය කැඳවා ආරක්ෂාව තර කර තිබුණේ පාසල සම්බන්ධයෙන් ගිනි අවියක් ද සමග සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ තර්ජනාත්මක සටහනක් හේතුවෙන්.

මෙම තර්ජනයත් සමග ඊයේ පෙරවරු 8.25ට පමණ පාසලේ ආරක්ෂාව තර කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් පාසල් බලධාරීන් දෙමව්පියන්ට ද පණිවුඩ යොමු කර තිබුණා.

වික්ටෝරියා පොලිසිය පැවසුවේ පාසලේ ගුරුවරුන් ද ඇතුලුව සිසුන්ට කළ මෙම තර්ජනය සම්බන්ධයෙන් හැම්ප්ටන් (Hampton) ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පිරිමි ළමයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු නිදහස් කර ඇති අතර අදාළ තර්ජන නිශ්චිතව තනි පාසලක් හෝ පුද්ගලයෙකු ඉලක්ක කර නොතිබුණ බව පොලිසිය සඳහන් කළා.

ඊයේ උදෑසන පාසල පැයක පමණ කාලයක් අගුලු දමා තිබූ අතර එම කාලය තුළ සිසුන්ට පන්ති කාමරවල සහ මේස යට සැඟවී සිටින ලෙසටයි දැනුම්දී තිබුණේ.

අත්අඩංගුවට ගත් පිරිමි ළමයා සෙන්ට් බෙඩ්ස් විද්‍යාලයේ අයෙකු නොවන අතර මෙම තර්ජනය සිදු කරනු ලැබුවේ කාටද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »