Search

මුදල් නොගෙවා මුහුණ පෙන්වා යන්න ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳ ක්ෂේත්‍රයට නව ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීමේ පර්යේෂණයක් ආරම්භ වී තිබෙනවා.

නව සොයා ගැනීම් මගින් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යථාර්ථයක් විය හැකි අතර එමගින් සාප්පුවලදී කරන මිලදී ගැනීම් සඳහා ගෙවීම් කිරීමට මුහුණ භාවිතා කිරීමට පාරිභෝගිකයින්ට හැකි වනු ඇති බවයි පැවසෙන්නේ.

ගනුදෙනු සම්පූර්ණ කිරීමට පාරිභෝගිකයාගේ මුහුණෙ ජීව විද්‍යාත්මක දත්ත භාවිත කරන අතර දැනටමත් චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල මුහුණු හඳුනාගැනීමේ තාක්ෂනය මගින් ගෙවීම් කටයුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක බව සඳහන්.

මෙම තාක්ෂණය හේතුවෙන් මුදල් පසුම්බියක් හෝ දුරකථනයක් අවශ්‍ය නොවන අතර මුහුණ පෙන්වීමෙන් පමණක් බිල්පත පියවෙනු ඇති.

මුදල් රහිත සමාජයක් ඔස්ට්‍රේලියාව තුළ නිර්මාණය වෙමින් පවතින තත්වයක් මත ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් මෙම ක්‍රමවේදය ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා.

ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ භාණ්ඩ සොරකම් කරන්නන් වඩාත් පහසුවෙන් හඳුනා ගැනීමට සහ සොරකම් නතර කිරීමට තාක්ෂණය භාවිතා කළ හැකි බවයි.

ඔස්ට්‍රේලියානුවන් තම මුහුණු භාවිතා කර ගෙවීමට කැමති වන්නේ නම් එය කරදරයකින් තොර ක්‍රියාවලියක් බව විශ්ව විද්‍යාල පර්යේෂකයන් පෙන්වා දෙනවා.

එමන්ම මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය අලුත් දෙයක් නොවන අතර එය වර්තමානයේ භාවිත කෙරෙන බොහෝ ජංගම දුරකථනවල ද භාවිතා කෙරෙනවා.

එම විශේෂාංගය තම දුරකථනයේ සාර්ථකව භාවිතා කරන සාප්පු සවාරි යන පාරිභෝගිකයෙකුට, මුහුණ පෙන්වා ගෙවීමේ තාක්ෂණය සාප්පු, කැෆේ හෝ ආපනශාලාවල ගනුදෙනු කිරීමට භාවිතා කිරීමට කැමති වනු ඇති බවයි සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ.

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »