2024 වසන්ත ඍතුවේදී ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි ඇති විය හැකි ප්‍රාන්ත සහ ප්‍රදේශ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
මෙවර වසන්ත සමය උණුසුම් සහ දැඩි සුළං සහිත කාලගුණයක් සමග ආරම්භ වන බැවින් ඉදිරි සතිවලදී රටේ ඇතැම් ප්‍රදේශවලට ලැව්ගිනි අවදානම වැඩි වන බවයි ගිනි නිවීම් සහ හදිසි සේවා සඳහා වූ ජාතික කවුන්සිලය (The National Council for Fire and Emergency Services) නිවේදනය කළේ.
ඉදිරියේදී එළඹෙන ලැව් ගිනි සම්බන්ධයෙන් වූ වාර්තාව නිකුත් කර ඇති අතර කාලගුණය උණුසුම් වන බැවින් ක්වීන්ස්ලන්ඩ්, Northern Territory සහ වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශවල ලැව්ගිනි ඇතිවීමේ වැඩි අවදානමක් සහිත බව එමගින් අනතුරු අඟවා තිබෙනවා.
එමෙන්ම මෙම වසන්ත සමයේ දී ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල අසාමාන්‍ය ලෙස ඉහළ උෂ්ණත්වයක් ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව ද සඳහන්.
නිව් සවුත්වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ ටස්මේනියා ප්‍රන්තවලට වර්ෂාපතනයක් ලැබීමේ අවස්ථාවක් පැවතුන ද ලැව් ගිනි සඳහා සූදානමින් සිටින ලෙසටයි ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර කලාපයේ ලැව් ගිනි ඇතිවීමේ අවදානම වැඩි පවතින වියළි තත්වයත් සමග එම ප්‍රදේශවල ලැව්ගිනි සමය ඉක්මනින් ආරම්භ වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තාව අනතුරු අඟවා තිබෙනවා.