Search

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැලකින් මත්පැන් අලෙවි කරන්න අලුත් ක්‍රමයක්

Coles සුපිරි වෙළඳසැල් සමූහය විසින් විසින් තෝරාගත් Vintage Cellers සහFirst Choice Liquor Market stores කිහිපයක් Liquorland bottle shops ලෙස නම් කිරීමට සැලසුම් කර තිබෙනවා.

එළඹෙන නොවැම්බර් මාසයේ ආරම්භ වන නියමු වැඩසටහන යටතේ දකුණු ඔස්ට්‍රේලියාව, ක්වීන්ස්ලන්තය සහ වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළඳසැල් නවයක නම් වෙනස් කිරීමට නියමිතයි.

Coles සුපිරි වෙළඳසැල් ජාලයේ මත්පැන් සම්බන්ධ ප්‍රධාන විධායක මයිකල් කෝට්නි පැවසුවේ මෙම පියවර පසුගිය වසර හතර තුළ අඛණ්ඩව ප්‍රගතියක් ලැබූ Liquorland හි මීළඟ අදියර බවයි.

මෙම පියවර මගින් ඒකාබද්ධ වෙළඳ සන්නාම අත්දැකීමක් පාරිභෝගිකයන්ට හිමිවනු ඇති අතර එය සාර්ථක වුවහොත්, තම වෙළඳසැල් ස්ථාන 992ටම Liquorland ව්‍යාප්ත කිරීමටයි සමාගම බලාපොරොත්තු වන්නේ.

පාරිභෝගිකයින්ට වටිනාකමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු වී ඇති අතර, Liquorland, First Choice Liquor Market සහ Vintage Cellar හි හොඳම අංග එක් ස්ථානයකට ගෙන ඒමෙන් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ බීම වර්ග සඳහා තරඟකාරී දීමනා ලබා දීමටද හැකි වනු ඇතැයි Coles Group බලධාරීන් ප්‍රකාශ කළා.

පසුගිය සතියේ Coles Group නිවේදනය කළේ පවතින ජීවන වියදම් අර්බුදය හමුවේ සාප්පු සවාරි යන ජනතාව නිවසේදී ගෙදර ඉවුම් පිහුම් කිරීමට යොමු වීම හේතුවෙන් තම සමාගමට වාර්ෂිකව ඩොලර් බිලියන 1.1ක ලාභයක් වාර්තා වූ බවයි.

එමෙන්ම මෙහි විශේෂත්වයක් වන්නේ පවුල් ඒකක මත අයවැය පීඩනයක් තිබියදීත් Coles හි මත්පැන් අලෙවිය ඩොලර් බිලියන 3.7 දක්වා සියයට 0.5ක සුළු වැඩිවීමක් ද පෙන්නුම් කිරීමයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »