මිලියන 1.6 කට වැඩි ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් පිරිසක් උකස් ණය ආපසු ගෙවීම සම්බන්ධ ආතතියකට ලක්ව සිටින බව නව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
උකස් ණය ආපසු ගෙවීම් සඳහා සාමාන්‍යයෙන් පිළිගත් සීමාව ආදායමෙන් සියයට 30ක් වුව ද සමීක්ෂණයකින් පෙන්නුම් කර ඇත්තේ ඔස්ට්‍රේලියානුවන් බොහෝ පිරිසක් එම ,සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.
මෙරට සෑම නිවාස හිමියන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු උකස් ආපසු ගෙවීම සඳහා තම මාසික වැටුපෙන් සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයක් වැය කරන අතර තවත් දෙනෙකුගෙන් එක් අයෙකු තම ආදායමෙන් අඩකට වඩා ණය වාරික සඳහා වියදම් කරන බවයි හෙළිවී ඇත්තේ.
ෆයින්ඩර් සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් 1062 දෙනෙකුගෙන් සියයට 7ක පමණ පිරිසක් ජුනි මාසයේදී ණය ආපසු ගෙවීම් සඳහා තම ආදායමෙන් සියයට 60ක් වියදම් කර ඇති අතර තවත් සියයට 5ක් ඊටත් වඩා වැඩි මුදලක් ගෙවන බවත් හෙළි කරගෙන තිබෙනවා.
පසුගිය අගෝස්තු මාසයේ රෝයි මෝර්ගන් (Roy Morgan) විසින් සිදු කරනු ලැබූ පයෙෂණයකින් අනාවරණ වී ඇත්තේ පසුගිය ජූලි මාසය දක්වා වු මාස තුන තුළ උකස් හිමියන් 1,604,000ක් මෙම අවදානම් කාණ්ඩයට එක්වී ඇති බවයි.
2022 වසේරේදී සිදු වූ 13 වන පොලී අනුපාතික ඉහළ යාමේ සිට උකස් ආතතියේ අවදානමට ලක්වන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 797,000 කින් වැඩි වී ඇති බව සඳහන්.
උකස් ආතතියේ වැඩිම අවදානමට ලක්ව ඇති ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 982,000ක් වන අතර එය මෙරට සමස්ත උකස් හිමියන්ගෙන් සියයට 18.9ක් පමණ වනවා.
විරැකියාව මෙන්ම ආදායම ණය ගෙවීම් සම්බන්ධ ගැටලු කෙරෙහි විශාලම බලපෑමක් ඇති කර ඇති අතර මෙම සමස්ත කණ්ඩායමට ඇති ප්‍රධාන අවදානම රැකියා සුරක්ෂිතභාවය බවයි පැවසෙන්නේ.
සියයට 30 සීමාව ඉක්මවන ණය ගෙවීම් ඇති පුරවැසියන්ගේ මූල්‍ය ආතතිය හේතුවෙන් ආහාර සහ බලශක්තිය වැනි අත්‍යවශ්‍ය වියදම් සඳහා ගෙවීමට ඇති හැකියාවට බලපෑම් ඇති කරන බැවින් එය සෞඛ්‍යයට ද අහිතකර ලෙස බලපෑම් එල්ල කළ හැකි බව සමීක්ෂකයන් පෙන්වා දෙනවා.