සිඩ්නි හි බටහිර ප්‍රදේශයේ නව නිවාස 10,000 සහිත නව නගරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
Western Sydney ගුවන් තොටුපළ අවට මෙලෙස නව නිවාස දහස් ගණනක් ඉදි කිරීමට නියමිත අතර ඒ අනුව සිඩ්නි බටහිර ප්‍රදේශයෙන් නව නගරයක් ආරම්භ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
බ්රැඩ්ෆීල්ඩ් සිටි සෙන්ටර් (Bradfield City Centre) ලෙසින් හැඳින්වෙන මෙම නගරයේ ප්‍රධාන සැලැස්ම ප්‍රාන්ත රජය නිල වශයෙන් අනුමත කර ඇති අතර එමඟින් නව රැකියා 20,000ක් ද උත්පාදනය කෙරෙන බව සඳහන්.
මේ සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජයෙන් ඩොලර් බිලියනයක ආයෝජනයක් සිදු කිරීමට නියමිතයි.
මෙහිදී ඉදි කෙරෙන නව නිවාස 10,000න් සියයට 10ක් පමණ දැරිය හැකි මිලකට ලබා ගත හැකි නිවාස ලෙසටයි සැලසුම් කර ඇත්තේ.
බ්රැඩ්ෆීල්ඩ් සංවර්ධන අධිකාරිය (Bradfield Development Authority) විසින් සකස් කරන ලද මෙම සැලැස්ම මගින් දැනට භාවිතයට නොගන්නා හෙක්ටයාර 114ක භුමි ප්‍රදේශයක් උද්‍යාන නගරයක් බවට පත් කෙරෙන අතර කාර්මික හා වාණිජමය භාවිතය සඳහා පහසුකම් ද ඊට ඇතුළත් කෙරෙනු ඇති.
නව බ්රැඩ්ෆීල්ඩ් මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ සිට මීටර් 400ක් ඇතුළත Bradfield City’s centre ඉදි කෙරෙන බව ප්‍රකාශ කර තිබෙනවා.
නව නගරයට හෙක්ටයාර් දෙකක මධ්‍යම උද්‍යානයක් (Central Park), පිහිනුම් තටාකයක් සහ ප්‍රසංග මෙන්ම සාමාන්‍ය උත්සව සඳහා ස්ථාන දෙකක් ඇතුළත් වන බව සඳහන්.
නිව් සවුත්වේල්ස් රජය පැවසුවේ Bradfield City Center මගින් සංස්කෘතිය, නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බවයි.