Search

දශක කිහිපයකට පසු ඔස්ට්‍රේලියා ආර්ථිකයේ ලොකු වෙනසක්

ඔස්ට්‍රේලියා ආර්ථිකය දශක කිහිපයකින් පසු කුඩාම වාර්ෂික වර්ධනය වාර්තා කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හැරුනුකොට දශක කිහිපයකින් වාර්තා වූ දුර්වලම වාර්ෂික ආර්ථික වර්ධනය මෙය ලෙසටයි සැලකෙන්නේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව දත්තවල දැක්වෙන්නේ පසුගිය ජූනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 0.2 කින් ඉහළ ගිය අතර එය පසුගිය මූල්‍ය වර්ෂයට වඩා සියයට 1.0 කින් වර්ධනය වී ඇති බවයි.

එය COVID වසංගත සමයේ හැර 1991-1992 මුල්‍ය වර්ෂයෙන් පසු සටහන් වූ අඩුම වාර්ෂික ආර්ථික වර්ධනය බව සංඛ්‍යාලේඛන වාර්තාවල සඳහන්.

2023-2024 මූල්‍ය වර්ෂය තුළ ආර්ථික වර්ධනය මන්දගාමී වුවද ඔස්ට්‍රේලියා ආර්ථිකය අඛණ්ඩව වර්ධනයක් පෙන්නුම් කෙරෙන එකොළොස්වන කාර්තුව මෙය බවයි සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ජාතික ගිණුම් ප්‍රධානී කැතරින් කීනන් පෙන්වා දෙන්නේ.

1991 වසර යනු ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම ආරම්භ වූ වර්ෂය වන අතර එම මුල්‍ය වර්ෂයෙන් පසු මූල්‍ය වර්ෂයක ආර්ථික වර්ධනයේ අඩුම අගය සටහන් වී ඇත්තේ මෙම වර්ෂයේදී යි.

එසේ වුව ද ජාතික ගිණුම් දත්තවල ධනාත්මක සලකුණු පවතින අතර ප්‍රධාන බැංකුවල ආර්ථිකය සියයට 0.8 ත් 1.1 ත් අතර ඉහළ යාමක් සටහන් වන අතර සංචිත බැංකුවේ සියයට 0.9ක අගයක් පෙන්නුම් කෙරෙනවා.

කෙසේවෙතත් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ක්‍රමයෙන් පසුබෑමක් පවතින අතර එය අඛණ්ඩව හයවන කාර්තුවේදී ද සියයට 0.4 කින් පහත වැටී තිබෙනවා.

පුරවැසියන් විසින් ආර්ථිකයට ලබා දෙන ප්‍රතිලාභ ඉවත් කළහොත්, ඔස්ට්‍රේලියානු ආර්ථිකය තවමත් පසුපසට යාමක් එමගින් පෙන්නුම් කෙරෙන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »