ඊයේ රාත්‍රී දිනුම් අදිනු ලැබූ Oz Lotto ලොතරයියෙන් මෙල්බන් පදිංචිකරුවෙකු ඩොලර් මිලියන 15ක් ජයග්‍රහණය කර තිබෙනවා.
Oz Lotto ලොතරැයියේ division one හි ජයග්‍රහණ දෙක හිමි ලොතරයිවලින් එකක් මෙල්බන්හි අලෙවිසලකින් ලබාගෙන ඇති අතර අනෙක් ලොතරැයිය OzLotteries.com මගින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයෙකු මිලදීගෙන ඇති බවයි ලොතරැයි බලධාරීන් සඳහන් කළේ.
කිසියම් අයෙක් මෙල්බන් Cecil Street හි Seraglio Lotto වෙතින් මෙම සුපිරි ත්‍යාගය හිමි ලොතරැයිය මිලදී ගෙන ඇති අතර එය ලියාපදිංචි කර නොතිබීම හේතුවෙන් හිමිකරු තහවුරු කර ගැනීමට නොහැකි බව වාර්තා වනවා.
ලොතරැයි ප්‍රකාශිකා ඇනා හොබ්ඩෙල් මෙල්බන් පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ කඩිනමින් තම Oz Lotto ලොතරැයි පරික්ෂා කර බලන ලෙසටයි.
ඊයේ රාත්‍රියේ පැවති Oz Lotto දිනුම් ඇදීමේදී division one ජයග්‍රහණ දෙකෙන් එකක් මෙල්බන් ලොතරැයි හිමියෙක් මෙලෙස දිනාගෙන ඇති අතර මෙම සුපිරි ත්‍යාගය ගැන නොදැනුවත්වම ඔහු ඇති බවයි ලොතරැයි ප්‍රකාශිකාව කියාසිටියේ.
ජයග්‍රාහී ලොතරැයිය ලියාපදිංචි නොකළ එකක් වන බැවින් ජයග්‍රාහකයා තම ත්‍යාගය ලබා ගැනීමට ඉදිරිපත් වන තෙක් ලොතරැයි නිලධාරීන්ට බලා සිටීමට සිදුවනු ඇති.
ඔහු තම ටිකට් පත පරීක්ෂා කර ජයග්‍රහණය තහවුරු කර ගැනීමත් සමග ත්‍යාගයේ හිමිකරු ප්‍රීතියෙන් පිනා යන බව විශ්වාස බවයි ලොතරැයි ප්‍රකාශිකා ඇනා හොබ්ඩෙල් සඳහන් කළේ.