Search

පඩි දිනය වන විට ඔස්ට්‍රේලියානුවන්ට අහිමි වන දෙයක් ගැන අමුතුම අනාවරණයක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි පිරිසකට මාසික වැටුප් දින වන විට පෙර මාසික වැටුපෙන් ඉතිරි කරගත් මුදලක් නොමැති බව නව අධ්‍යනවයදී තහවුරු වී තිබෙනවා.

Fimder සමීක්ෂණයකට එක්වු ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 52ක් පමණ ඊළඟ වැටුප් දිනය පැමිණිමටත් පෙර ගතවූ මාසයේ වැටුප සම්පූර්ණයෙන්ම වියදම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සමීක්ෂණයට සහභාගිවුවන්ගෙන් සියයට 16ක් පමණ කියා සිටියේ සෑම මසකම ඩොලර් 249ක පමණ හිඟයක් මාස අවසානය වන විට පවතින බවයි.

මෙම තත්වය සමස්ථ ඔස්ට්‍රේලියානුවන්ට ආදේශ කිරීමෙන්, සෑම මසකම ඩොලර් මිලියන 678ක මාසික මුදල් හිඟයක් ඔස්ට්‍රේලියානුවන් අතර පවතින බවට හෙළිවී තිබෙනවා.

මාසික වැටුප ලැබුණු විගස බොහෝ දෙනෙකු පළමු දිනවල වැඩි වශයෙන් මුදල් වියදම් කරන අතර අත්‍යවශ්‍ය කටයුතු සඳහා හදිසි අරමුදලක් නොමැතිකම සහ ලබා ගත් ණය ආපසු ගෙවීම හේතුවෙන් මුදල් ඉතිරි කර ගත නොහැකි බවයි හඳුනාගෙන ඇත්තේ.

සමීක්ෂණයට සහභාගි වු ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 69ක් සඳහන් කර ඇත්තේ ජීවන වියදම හමුවේ තමන් දැඩි පීඩනයකින් පසුවන බවයි.

තවත් සියයට 15ක් මූල්‍ය කළමණාකරණය නිසි පරිදි සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ණය ගැටලුවලට මුහුණදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

ෆයින්ඩර් පාරිභෝගික පර්යේෂණ ප්‍රධානී ග්‍රැහැම් කුක් පැවසුවේ වර්තමානයේදී ඔස්ට්‍රේලියානුවන්ට ජිවත් වීම දැරිය නොහැකි තත්වයකට පත්ව ඇති බවයි.

සංක්‍රමණිකයන් නිසා වෙනස් වූ ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගැන අලුත් වාර්තාවක්

ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනගහන වර්ධනය වාර්තා වන ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව බවට නව සංඛ්‍යාලේඛන මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »