Search

නිවාස කුලී වැඩිම ප්‍රාන්තයේ ඉහළම මිල ගණන් සහිත ප්‍රදේශ මෙන්න

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස ගාස්තු වැඩිම ප්‍රාන්තය ලෙසට හඳුනාගෙන ඇති නිව් සවුත් වේල්ස්හි කුලී මිල ගණන් වැඩියෙන් අයකෙරෙන ප්‍රදේශ පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කුලී නිවාස ගාස්තු වැඩිම අගයක් ගන්නා ප්‍රදේශය ලෙස නම් කර ඇති අතර එහි සතියකට ඩොලර් 640ක් එනම් සියයට 16.9ක විශාලතම වාර්ෂික ගාස්තු වැඩි වීමක් පෙන්නුම් කරන බවයි සඳහන් වන්නේ.

සිඩ්නි Outer West සහ the Blue Mountains ප්‍රදේශයන්හි කුලී නිවැසියන්ට සාමාන්‍යයෙන් සතියකට ඩොලර් 580ක් දක්වා වාර්ෂික ගාස්තු සියයට 13.7කින් මිල ගණන් වැඩි වන බවයි වාර්තා වන්නේ

නිව් සවුත්වේල්ස්හි කුලී නිවාස මිල අධිකම ස්ථානවලින් එකක් වන Eastern Suburbs හි සාමාන්‍යයෙන් සතියකට ඩොලර් 895ක් දක්වා සියයට 11.9කින් කුළී නිවාස ගාස්තු ඉහළ ගොස් තිබෙනවා.

Sutherland ප්‍රදේශයේ නිවාස කුලී අගය සාමාන්‍යයෙන් සතියකට ඩොලර් 720ක් වන අතර එය වාර්ෂිකව සියයට 10.8 ක ඉහළ යාමක්.

ඒ අනුව Sutherland ප්‍රදේශය නිව් සවුත්වේල්ස් හි කුලී නිවාස මිල වැඩිම ප්‍රදේශ අතුරින් 4 වන ස්ථානයට පත්ව තිබෙනවා.

මීට අමතරව Murray කලාපයේ කුලී නිවාස මිල අගය ද සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එහි සතියකට ඩොලර් 420ක ගාස්තුවක් පෙන්නුම් කෙරෙනවා.

තවද යන Blacktown Parramatta North Sydney and Hornsby ප්‍රදේශ ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැඩි මුදලකට කුලී නිවාස අලෙවි වන ප්‍රදේශ ලෙසයි නම් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »