Search

බ්‍රිස්බේන් ගුවන් ගමන් පාලකවරයාගේ නින්ද නිසා බලධාරීන්ගේ ඇස් ඇරෙයි

බ්‍රිස්බේන් ගුවන් ගමන් පාලකවරයෙකු තම සේවා මුරය අතරතුර නිදා සිටියදී හමුවීමේ සිදුවීමක් පිළිබඳ වාර්තා වී තිබෙනවා.

Australia’s transport watchdog පෙන්වා දෙන්නේ ගුවන් ගමන් පාලකවරයෙකු මෙලෙස සේවය කරන අතර නිදා සිටීමේ සිදුවීමෙන් ඔවුන්ගේ සේවා මුර විවේකයක් ද සහිතව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරන බවයි.

ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශයේ (ATSB) වාර්තාවක දැක්වෙන්නේ 2022 වසරේ දෙසැම්බර් 9 වනදා උදෑසන 5.15 ට පමණ තම සේවා ස්ථානයේ පුටු දෙකක් යොදා ගනිමින් මෙම පාලකවරයා නිදා සිට ඇත බවයි.

ඔහු අඛණ්ඩව රාත්‍රී වැඩ මුර කිහිපයක සේවයේ නිරත වී ඇති අතර නිසි විවේකයක් ද ලැබී නොතිබීම හේතුවෙන් ඇති වූ තෙහෙට්ටුව මත මෙලෙස නිදා සිට ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් ඔහු නිදාසිටි අවස්ථාව වන විට ඔවුන් වගකිව යුතු Cairns ගුවන් අවකාශයේ ගමනාගමනයක් තිබී නොමැති අතර එම වේලාවට එය සාමාන්‍ය තත්වයක් බව සඳහන්.

නිදා සිටි ගුවන් ගමන් පාලකවරයාගේ සේවා මුරය අවසන් වන තෙක් නියමිත ගුවන් ගමන් ද තිබී නොමැති වුව ද ගුවන්විදුලි පණිවුඩයකින් ලැබුණු දැනුම් දීමක් හෝ සන්නිවේදනය ප්‍රමාද වීමේ අවදානමක් මතු වුයේ නම් තත්වය බරපතල වීමට ඉඩ තිබූ බවයි වාර්තාව පෙන්වා දී ඇත්තේ.

මෙම සිදුවීමෙන් ගැටළුවක් මතු නොවුණ ද ගුවන් ගමන් පාපලකවරුන්ගේ සේවා මුර කාලසටහන් සහ තෙහෙට්ටුව අවම කර ගැනීමේ පියවර කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරන බව ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශ වාර්තාව මගින් පෙන්වාදී තිබෙනවා.

මෙම සිද්ධියෙන් පසු, Airservices Australia විසින් එහි සමස්ත ගුවන් ගමන් පාලක නිලධාරීන් සංඛ්‍යාව වැඩි කර ඇති අතර නව මාර්ගෝපදේශ සහ පුහුණු වැඩසටහන් ද සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »