Search

මෙල්බන් පාසලක් හදිසියේම අගුලු දමා ආරක්ෂාව තර කරයි

මෙල්බන්හි මෙන්ටෝන් (Mentone) ප්‍රදේශයේ පිහිටි සෙන්ට් බේඩ්ස් විද්‍යාලයේ (St Bede’s College) ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ තර්ජනයක් පාසල වසා දැමීමට හේතුව බවයි සඳහන් වන්නේ.

අද උදෑසන පාසල අගුලු දමමින් පාසල් බලධාරීන් දෙමව්පියන්ට කෙටි පණිවුඩයක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ සියලුම ළමයින් ආරක්ෂිතව සිටින බවයි.

මෙලෙස ආරක්ෂාව තර කිරීම හේතුවෙන් කිසිවෙකුට පාසලට ඇතුලු වීමට හෝ පාසලේ සිටින කාර්ය මණ්ඩලය ඇතුලු සිසුන් කිසිවෙකුටත් පිටතට යාමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

පාසල විසින් දෙමව්පියන්ට යැවූ පණිවුඩයේ දැක්වෙන්නේ පාසල තවමත් සියලුම සිසුන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිත බවයි.

අද පෙරවරු 10ට පමණ මෙම සිදුවීම වාර්තා වූ අතර ආරක්ෂක පියවරක් ලෙසට පොලිස් කණ්ඩායම් ද පාසලට පැමිණ තිබෙනවා.

මෙම සිද්ධියට හේතු වූ බව කියන ඊයේ රාත්‍රී 11 ට පමණ කිසියම් අයෙකු තැබූ තර්ජනාත්මක සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව විමර්ශනය කරන බව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළා.

පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම තර්ජනය සිදු කරනු ලැබුවේ කවුරුන්ද යන්න සොයා බලමින් සිටින අතර මෙන්ටෝන් හි සෙන්ට් බේඩ්ස් විද්‍යාලයට මෙතෙක් අවදානමක් නොමැති බවයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »