Search

ඔස්ට්‍රේලියාවේ තරුණයන්ට උපකාර අවශ්‍ය බව නව සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන් බොහෝ පිරිසකට උපකාර අවශ්‍ය බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

Health and Wellbeing Queensland විසින් වයස අවුරුදු 14 ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ තරුණ කණ්ඩායම් යොදා ගනිමිනුයි මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ සෑම 10 දෙනෙකුගෙන් නව දෙනෙකුම කියා සිටියේ පසුගිය වසර තුළ තම සෞඛ්‍යය තත්වය පිරිහී ගොස් ඇති බවයි.

ඔවුන්ගෙන් සියයට 59ක් කිසිදු හේතුවක් නොමැතිව වෙහෙසට පත්වන බව සෑම කාර්යයකටම අමතර උත්සාහයක් දැරීමට සිදුවී ඇති බවයි ප්‍රකාශ කර ඇත්තේ.

මෙම තරුණ කණ්ඩායම් අතරින් තවත් පිරිසක් ඔවුන් ආතතියට හා කනස්සල්ලට පත් වීම, ශරීර ශක්තියක් ප්‍රමාණවත් නොවීම මෙන්ම බර වැඩිවීම වැනි තත්වයන් ද වාර්තා කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ ආයතනයේ (Health and Wellbeing Queensland) නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී Gemma Hodgetts පැවසුවේ සොයා ගත් මෙම කරුණු විශ්වාස කළ නොහැකි තරම් තත්වයක පවතින බවයි.

වඩාත් ජවසම්පන්න අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු සහිත පරම්පරාව අරගලයක නිරත වන බවයි ඇය ප්‍රකාශ කළේ.

මානසික සෞඛ්‍යය පිරිහීම මගින් ආතතිය වැඩි වීම සහ දුර්වල ආහාර රටාවන් ද නිර්මාණය වන බව පර්යේෂණය මගින් පෙන්වා දී තිබෙනවා.

මානසික ආබාධවලින් සියයට 75ක් පමණ වයස අවුරුදු 24 ට පෙර මතු වී ඇති අතර සෑම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිත කාලය තුළ මානසික රෝගවලට මුහුණ දෙන බව පර්යේෂණයෙන් හෙළි වී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ගලයන්ගේ සාමූහික මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා සහාය වීමට ක්‍රියා කළ යුතු බවයි Gemma Hodgetts පෙන්වා දුන්නේ.

සෞඛ්‍යය සහ යහපැවැත්ම සම්බන්ධයෙන් හැසිරීම්, ආකල්ප අවබෝධ කර ගැනීම සඳහා මෙම සමීක්ෂණයට වයස අවුරුදු 14 සිට 25 දක්වා පුද්ගලයින් 1424 දෙනෙකු සම්බන්ධ කරගෙන තිබුණා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »