Search

වික්ටෝරියා අලුත් නවාතැන් බද්දට එරෙහිව Airbnb වෙතින් දැඩි පියවරක්

කෙටි කාලීන කුලී නවාතැන් සපයන්නන් සඳහා වික්ටෝරියා රජය විසින් හඳුන්වා දුන් බද්දට එරෙහිව පියවර ගන්නා බව Airbnb ආයතනය පවසනවා.

භාණ්ඩාගාරික Tim Pallas පසුගිය සතියේ නිවේදනය කළේ මෙම බද්ද ඉදිරියේදී ද අය කෙරෙන අතර එමගින් ලබන වසරේ සිට Airbnb සහ Stayz හරහා වෙන් කරවා ගන්නා සංචාර සඳහා අමතර සියයට 7.5ක ගාස්තුවක් අය කරන බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් Airbnb විසින් පුවත්පත්වල සම්පූර්ණ පිටුවක දැන්වීමක් පළ කර ඇත්තේ ප්‍රාන්ත රජයේ නව බද්දෙන් සංචාරක ව්‍යාපාරයට හානි සහ වියදම් වැඩි වන බවට තර්ක කරමින්පෙන්වා දෙමින්.

රජය විසින් ගෙන එන ලද නීති යටතේ කෙටි කාලීන කුලී දේපල හිමියන් සීමා කිරීමට හෝ තහනම් කිරීමට ප්‍රාදේශීය සභාවලට නව බලතල ලබා දෙනු ඇති.

මෙම නීති සැලසුම් කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති 50,000ක් පමණ වන තාවකාලික කුලී දේපල දීර්ඝ කාලීන කුලී නිවාස බවට පත් කිරීමට ආයෝජකයින් දිරිමත් කිරීම මගින් එම නිවාස නිදහස් කර ගැනීම සඳහා යි.

Airbnb සමාගමේ ප්‍රධානියෙකු වන Michael Crosby පසුගියදා ප්‍රකාශ කළේ තමන් සමග සම්බන්ධ වී තාවකාලික කුලී නිවාස ලබාදෙනු ලබන්නේ සාමාන්‍ය ආදායම් ලබන දෙමව්පියන් ඇතුලු වික්ටෝරියානුවන් වන අතර ඔවුන් අමතර ආදායමක් උපයා ගැනීමට උත්සාහ කරන බවයි.

නව බද්ද හේතුවෙන් සංචාරකයින්ට නිවාඩු සඳහා වැය කෙරෙන මුදල ඉහළ යාම, තෝරා ගැනීමට ඇති නවාතැන් ප්‍රමාණය අඩු වීම මෙන්ම දේශීය ව්‍යාපාර සඳහා ලැබෙන ආදායම අඩු වීමක් වනු ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් මෙම බද්දෙන් සංචාරක කර්මාන්තයට හානියක් සිදුවන බවට තමන් පිළිනොගන්නා බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ඇමතිනී මේරි ඈන් තෝමස් කියා සිටියේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »