නවසීලන්තයට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් මත පැනවෙන බදු මුදල තුන් ගුණයකින් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් නවසීලන්ත සංචාරක කර්මාන්ත සංගමය පවසන්නේ මෙම බදු පැනවීම මගින් රටේ සංචාරක ව්‍යාපාරයට බාධාවක් වන අතර මෙමගින් සෑම වසරකම සංචාරකයන් 48,000ක පමණ අඩුවක් සිදුවනු ඇති බවයි.
සංචාරක අමාත්‍ය Matt Doocey විසින් මෙම බදු වැඩි කිරීම යෝජනා කර ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර සංචාරකයෙකුට මෙතෙක් පැවති නවසිලන්ත ඩොලර් 35ක බද්ද ඩොලර් 100ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.
මේ අනුව ඔස්ට්‍රේලියාව සහ පැසිෆික් කලාපීය දූපත් රාජ්‍යයන්වලින් හැර අනෙක් සියලු රටවලින් පැමිණෙන සංචාරකයන් නවසීලන්තයට යන විට මෙම බදු මුදල ගෙවීමට අවශ්‍ය වනවා.
බද්දෙන් ලැබෙන ආදායම මගින් සංචාරක ව්‍යාපාරයේ යටිතල පහසුකම් සහ සංරක්ෂණ ව්‍යාපෘති සඳහා යොදා ගන්නා බව සඳහන්.
සංචාරක කර්මාන්ත සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී රෙබෙකා ඉන්ග්‍රම් පැවසුවේ වැඩි කරන ලද ගාස්තුව හේතුවෙන් සංචාරකයින් බියට පත්ව සිටින බවයි.
මේ හේතුවෙන් සංචාරකයන් 48,000ක් පමණ රටට අහිමි වීම ඩොලර් මිලියන 273ක පාඩුවක් බවයි ඇය පෙන්වා දෙන්නේ.
බදු වැඩි කිරීමට අවශ්‍ය වන්නේ නම් ඩොලර් 35 සිට ඩොලර් 50ක් පමණ දක්වා වැඩි කිරීමට තම සංගමය සහාය දක්වන බව රෙබෙකා ඉන්ග්‍රම් ප්‍රකාශ කළා.
එක් පුද්ගලයෙකුට ඩොලර් 100ක ගාස්තුවක් ගෙවීමට සිදුවීම මගින් නවසීලන්තයේ සංචාරය කරන්නේ ද යන්න නැවත සලකා බැලීමේ ප්‍රධාන සාධකයක් වනු ඇතැයි ඇය පෙන්වා දෙනවා.