Search

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය Coffees shop ජාලයක් මුදල් රහිත ගනුදෙනු අරඹයි

ඔස්ට්‍රේලියාවේ Gloria Jean’s Coffees සමාගමට අයත් සියලු අලෙවිසල් මුදල් රහිත ගනුදෙනු සඳහා යොමුවීමට තීරණය කර තිබෙනවා.

ලබන සතියේ සිට නව අත්හදා බැලීම ආරම්භ කරන අතර තම ආයතනයේ සේවාවන් ලබා ගන්නා පාරිභෝගිකයන් බොහෝ දෙනෙකුගේ ගෙවීම් පිළිබඳ අධ්‍යනයකින් පසු මෙම පියවර ගත් බවයි සමාගම සඳහන් කළේ.

මේ අනුව Gloria Jean’s Coffees අලෙවිසල්වල ලබන 11 වනදා සිට මුදල් රහිතව ගනුදෙනු සිදුවන බව නිවේදනය කර තිබෙනවා.

මෙම නව පියවර ගැනීමේ මුලික අරමුණ වී ඇත්තේ පාරිභෝගික ගෙවීම් මනාපයන් අනුව ව්‍යාපාරය පවත්වාගෙන යාම සහ මුදල් සංසරණය අඩු කිරීම මගින් සේවක මණ්ඩලයේ ආරක්ෂාව ඉහළ නැංවීම බවයි සමාගම සඳහන් කළේ.

මුදල් රහිත සේවාවන් ලබාදීම මගින් කාර්ය මණ්ඩලය සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය වීම පමණක් නොව ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට ඉඩ සැලසෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

Gloria Jean’s සමාගමට වික්ටෝරියා ප්‍රාන්තයේ අලෙවිසල් 28ක්, නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ හතරක්, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තුනක් වශයෙන් රට පුරා අලෙවි ජාලයක් පවතිනවා.

Gloria Jean’s Coffees පළමු වරට 1979 දී ඇමරිකා එක්සත් ජනපදයේ විවෘත කරන ලද අතර 1996 දී සිඩ්නි නගරයේ ආරම්භ කිරීමෙන් පසු රට පුරා ශාඛා ව්‍යාප්ත කෙරුණා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »