Qantas සමාගම විසින් උතුරු සහ දකුණු ඇමරිකාවේ ගමනාන්ත 30 කට වැඩි ගණනකට අඩු මුදලකට ගමන් කිරීමට මගීන්ට අවස්ථාවක් ලබාදී තිබෙනවා.
සමාගම සඳහන් කළේ අඩු මුදලකට ලබා ගත හැකි ගුවන් ටිකට්පත් අලෙවිය පවතින්නේ දින හතක් පමණක් බැවින් උනන්දුවක් දක්වන සංචාරකයින් ඉක්මනින් පැමිණිය යුතු බවයි.
Qantas සමාගම ඇමරිකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සැමරීම වෙනුවෙන් උතුරු සහ දකුණු ඇමරිකාවේ ගමනාන්ත කිහිපයක් වෙත අඩු මුදලකට ආසන 50,000 කට වඩා වැඩි ප්රමාණයක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව අද සිට ලොස් ඇන්ජලීස්, නිව් යෝර්ක් සහ ඩලස් ඇතුළු ගමනාන්තවලට මෙම අඩු මිල ගුවන් ටිකට්පත් ගැනීමට හැකි වනු ඇති.