2024 පැරාලිම්පික් තරගාවලියේදී පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සමිත් දුලාන් කොඩිතුවක්කු සමත්වී තිබෙනවා.
එම තරගයේ රන් පදක්කම හිමි කර ගත්තේ මීට පෙර ද එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කියන ඉන්දියාවේ සුමිත් ඇන්ටිල් විසිනුයි. ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 70.59ක්
ඔස්ට්‍රේලියාවේ මිචල් බුරාන් මීටර් 64.89ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනාගෙන තිබෙනවා.
මෙහිදී මීටර 67.03ක දුරක් වාර්තා කළ සමිත් දුලාන් F44 කාණ්ඩයේ ඔහුගේම පෙර පැවති මීටර් 66.49ක ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් වීම ද විශේෂත්වයක්.
2021 වසරේ ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ දී සමිත් දුලාන් මෙම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගෙන ගෙන තිබුණා.