Search

ඔස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රයට වැඩිම මුදලක් අය කරන ප්‍රාන්ත මෙන්න

ඔස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට වඩාත්ම මිල අධික ප්‍රාන්ත සහ ප්‍රදේශ සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

එම සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මාර්ග නීති වෙනස් වන ආකාරයෙන්ම රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ වියදම ද වෙනස් වන බවයි.

රියදුරු බලපත්‍ර සඳහා අය කෙරෙන මුදල් සහ එහි ක්‍රියාවලියට ප්‍රමිතියක් හඳුන්වා දීමේ අරමුණින් පනතක් ගෙන ආව ද එහි නීති මෙතෙක් ක්‍රියාත්මක නොවන බවට ද චෝදනා එල්ල වනවා.

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ඇති ලාභම ප්‍රාන්තය මිල අධික ප්‍රාන්තයට වඩා 10 ගුණයකින් පමණ ලාභදායී බවයි EzLicence හි දත්තවල දැක්වෙන්නේ.

මේ අනුව රිය ධාවනය සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට සහ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ඉහළම වියදමක් දැරීමට සිදු වන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේදී යි.

ප්‍රාන්ත රජය විසින් හඳුන්වා දුන් නීති සම්පාදනය මගින් දකුණු ඔස්ට්‍රේලියාවේ රිය ධාවනය පුහුණු වන්නන් ඔවුන්ගේ ප්‍රායෝගික රිය පැදවීමේ පරීක්ෂණය සඳහා ඩොලර් 240ක ගාස්තුවක් ගෙවිය යුතුයි.

කෙසේවෙතත් දකුණු ඔස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රය, අධ්‍යයන සහ පරීක්ෂණ ආශ්‍රිත සම්පුර්ණ පිරිවැය වෙනුවෙන් ඩොලර් 1257ක් ගෙවීමට සිදුවන බවයි සඳහන් වන්නේ.

රියදුරු බලපත්‍ර සඳහා වැඩිම මුදලක් ගෙවිය යුතු ප්‍රාන්ත අතරින් දෙවන ස්ථානයේ පසුවන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයයි.

ක්වීන්ස්ලන්ඩ් හි රියදුරු බලපත්‍රය සඳහා වැය වන සම්පුර්ණ මුදල ඩොලර් 925ක්.

තුන්වන තැනට පත්ව සිටින නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමටඩොලර් 915ක මුදලක් වැය වනවා.

ඔස්ට්‍රේලියාවේ කැන්බරා අග නගර කලාපයේ රියදුරන්ට තම බලපත්‍රය ලබා ගැනීම වෙනුවෙන් ඩොලර් 853ක් ගෙවීමට සිදුවන බව සඳහන්.

බටහිර ඕස්ට්‍රේලියාව පස්වන තැනට පත්ව ඇති අතර රියදුරු බලපත්‍ර ලබා ගැනීමට එහි පුරවැසියන්ට ඩොලර් 788ක් ගෙවීමට සිදු වනවා.

ටස්මේනියා ප්‍රාන්තයේ රියදුරන්ට ඔවුන්ගේ බලපත්‍රය ලබා ගැනීමට ඩොලර් 663ක් වැය වන අතර එම ප්‍රාන්තය පත්වී ඇත්තේ 6 වන ස්ථානයටයි.

වික්ටෝරියා ප්‍රාන්තය 7 වන ස්ථානයට පැමිණ ඇති අතර රිය පැදවීමේ පුහුණුව ආරම්භයේ සිට බලපත්‍රය ලබා ගැනීම දක්වා ප්‍රාන්තයේ රියදුරන්ට ඩොලර් 569ක් වැය වන බව සඳහන්.

කෙසේවෙතත් එය අනෙකුත් ප්‍රාන්ත හා සැසඳීමේ දී ලාභදායී බවයි EzLicence හි දත්ත පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අඩුම මුදලක් වැය වන ප්‍රදේශය වන්නේ NT කලාපයයි.

එහි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වැය වන මුදල ඩොලර් 148 ක්.

ගුවන් නියමුවාගේ අවධානයෙන් බ්‍රිස්බන් වෙත ආ ජීවිත රැසක් බේරෙයි

බ්‍රිස්බන් වෙත පැමිණෙමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක් පීඩන පද්ධතියේ ගැටළුවක් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් (Rockhampton Airport) ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

Read More »

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »