ඔස්ට්‍රේලියාවේ මිලියන පහක පමණ ජනතාවකට ලබන 20 වනදායින් පසු විශ්‍රාම වැටුප් සහ කුලී ආධාර වැනි රාජ්‍ය ආධාරවල වැඩි වීමක් සිදුවන බව දැනුම්දී තිබෙනවා.
සැප්තැම්බර් 20 වනදා සිදු කෙරෙන වෙනස්කම් මගින් රාජ්‍ය ආධාර ගෙවීම් රැසක් ඉහළ නැංවෙන අතර එමගින් මිලියන පහකට වැඩි පිරිසකට අමතර මුදලක් ලැබෙනු ඇති බවයි සඳහන් වන්නේ.
ජීවන වියදම් සඳහා සහනයක් ගෙන ඒමේ අරමුණින් Age pensions, ආබාධිත ආධාර විශ්‍රාම වැටුප් (disability support pensions) සහ රැකවරණ ගෙවීම් (carer payments) වැඩි වීමට නියමිතයි.
ඊට අමතරව Commonwealth Rent Assistance ආධාර ද සියයට 10 කින් වැඩි කෙරෙනවා.
මෙම වැඩි කිරීමත් සමග තනිව සිටින විශ්‍රාමිකයින්ට සති දෙකකට ඩොලර් 28.10ක් වැඩිපුර ලැබෙනු ඇති අතර විශ්‍රාමික යුවළ සඳහා සති දෙකකට ඩොලර් 42.20ක් වැඩියෙන් ලැබෙනු ඇති.
ආබාධිත සහය විශ්‍රාම වැටුප් ( Disability Support Pension) සහ රැකවරණ ගෙවීම (Carer Payment ) වෙනුවෙන් වන මුළු ගෙවීම තනි පුද්ගලයන් සඳහා ඩොලර් 1114.40ක් වන බව සඳහන්.
එමෙන්ම බලශක්ති අතිරේකය ඇතුළුව විශ්‍රාමිකයන යුවලක එක් සාමාජිකයෙකු සඳහා ඩොලර් 862.60ක් දක්වා ගෙවීම් ඉහළ යනු ඇති.
පසුගිය අයවැයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි Commonwealth Rent Assistance ආධාර ද ලබන 10 වනදා වන විට ඉහළ නැංවීමට නියමිතයි.
තමන් විසින්ම නිවාස කුලි ගෙවමින් සිටින දරුවන් නොමැති තනිකඩ පුද්ගලයන්ට සති දෙකකට අමතර ඩොලර් 23ක ආධාරයක් හිමි වනු ඇති.
එක් දරුවෙකු හෝ දෙදෙනෙකු සිටින පවුල් වෙත Commonwealth Rent Assistance ගෙවීම ඩොලර් 27.02කින් ඉහළයාමට නියමිතව තිබෙනවා.
දරුවන් නොමැති තනි පුද්ගලයෙකුට ලැබෙන JobSeeker ගෙවීම් ද සති දෙකකට ඩොලර් 15.30ක් ලෙස ඉහළ අතර සතියකට පැය 14ක් දක්වා වැඩකරන JobSeeker දීමනා ලබන්නන්ට සති දෙකකට ඩොලර් 71.20ක වැඩිවීමක් ලැබීමට නියමිතයි.
Parenting Payment ලබන්නන් ද ප්‍රතිලාභ ලබන අතර තනි පුද්ගලයෙකුට සති දෙකකට වරක් ගෙවනු ලබන දිනමනාව ඩොලර් 19.80කින් ඉහළ දැමෙන අතර ඒ අනුව එය ඩොලර් 1026.30 දක්වා වැඩි වන බවයි වාර්තා වන්නේ.
ජීවන වියදම් සහන ලබාදීමට රජය කැපවී සිටින බව සමාජ සේවා අමාත්‍යවරයා පැවසීය.
සමාජ සේවා අමාත්‍ය Amanda Rishworth සඳහන් කළේ බොහෝ ඕස්ට්‍රේලියානුවන් ජීවන වියදම් අර්බුදයෙන් පීඩාවට පත්වන රජය පිළිගන්නා අතර ඔවුන්ට ජීවන වියදම් සහන ලබාදීමට රජය කැපවී සිටින බවයි.