නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පවර්බෝල් ලොතරැයියකින් පුද්ගලයෙකු ඩොලර් මිලියන 4.6ක ත්‍යාග මුදලක් ජයග්‍රහණය කර තිබෙනවා.
ඔහු මෙම ජයග්‍රහණයට හිමිකම් කියන බවට දැනගෙන ඇත්තේ වැසිකිලියට ගිය අවස්ථාවේ ජංගම දුරකතනයෙන් ලොතරැයියේ ජය අංක පරීක්ෂා කර බැලීමේදී යි.
north coast ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයාට අදාළ ජයග්‍රහණය සම්බන්ධයෙන් දැනුම් දීමට ලොතරැයි නිලධාරීන් පසුගිය දින කිහිපයේම දුරකථන ඇමතුම් ලබාගෙන තිබුණ ද ඔහුට ඒවා සියල්ල මගහැරී තිබූ බව සඳහන්.
තමා ටිකට් පරීක්ෂා කරන විට වැසිකිළියේ වාඩි වී සිටි අතර එම අංක නිවැරදි ද යන්න තහවුරු කර ගැනීමට බිරිඳ සමග එක්වී ගූගල් මගින් පරික්ෂා කළ බවයි ඔහු කියාසිටියේ.
පසුගිය මස 29 වන බ්‍රහස්පතින්දා සිදු කළ පවර්බෝල් ලොතරැයි දිනුම් ඇදීමේ දී division-one හි එකම ජයග්‍රහණය මෙම ලොතරැයිය වන අතර එහි ත්‍යාග මුදල ඩොලර් 4,681,528.85ක්.
ජයග්‍රාහකයා පැවසුවේ ඉතා අසීරු කාලයකදී තමාට සහයෝගය ලබාදුන් මිතුරාට මෙම මුදලින් උදව් කිරීමට සැලසුම් කරන බවයි.