Search

මෙල්බන් සහ තවත් ප්‍රදේශ රැසක් කැළඹූ කාලගුණය ගැන ජනතාවට යළි දැනුම්දීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් ඇතුලුව ප්‍රදේශ රැසකට බලපෑම් එල්ලවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 120,000කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වනවා.

උදෑසන 8 පමණ වන විට විදුලිය නොමැති නිවාස 180,000ක් පැවති අතර යළි සම්බන්ධතා ලබාදිය හැකි ආරක්‍ෂිත ප්‍රදේශවලට පමණක් නඩත්තුවලින් පසු විදුලිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් අද සඳහන් කළේ මෙම අයහපත් කාලගුණික තත්වය හමුවේ සියලු දෙනා ආරක්ෂිතව තබා ගැනීමට ක්‍රියා කරන සියලුම හදිසි සේවාවලට ස්තූතිවන්ත වන බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ කේප් ඔට්වේ (Cape Otway) සිට නෙල්සන් (Nelson) දක්වා කුණාටුවක් ඇතිවීමේ අවදානමක් පවතින අතර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට ද කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා.

Powercor කාර්ය මණ්ඩලය සුළං බලාගාරවලට හානි වීම් ඇතුලු සිදුවීම් 239කට කැඳවා ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ පාරිභෝගිකයින් 34,600කට විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව සඳහන්.

දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශ අතරට, Geelong සහ Shepparton වැනි උතුරු ප්‍රදේශ මෙන්ම Dromana, Hastings, Flinders, Red Hill, Mt Martha, Mount Eliza, සහ Frankston South යන ස්ථාන ද අයත්.

වික්ටෝරියා ප්‍රාන්ත හදිසි සේවා නිලධාරීන්ට පසුගිය පැය 24 තුළ ඇමතුම් 2800කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී තිබූ අතර ඉන් බහුතරයක් ගස් කඩා වැටීම් සහ ගොඩනැගිලි හානි වීම් බව සඳහන්.

හදිසි කළමනාකරණ කොමසාරිස් Rick Nugent ඉල්ලා සිටියේ මෙල්බන් අවට විදුලිය නොමැති මංසන්ධි 90ක් පමණ ඇති බැවින් රිය පැදවීමේදී නීති රීතිවලට අනුව අවධානයෙන් රිය පදවන ලෙසටයි.

අද දිනයේ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වළකින ලෙසට සහ නිවසේ සිට තම සේවා කටයුතු ඉටු කර ගන්නා ලෙසටත් ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙල්බන්හි සැන්ඩ්‍රින්හැම්, ක්‍රැන්බන් සහ පැකනම් වැනි ප්‍රදේශවල නගරයේ දුම්රිය ධාවනයට ද බලපෑම් එල්ල වී ඇති බවයි මගීන්ට දැනුම්දී තිබුණේ.

එමෙන්ම, එල්තම් හි (Eltham) සෙන්ට් හෙලේනා ද්විතීයික විද්‍යාලය (St Helena Secondary College) සහ යාරා රේන්ජස් විශේෂ පාසල (Yarra Ranges Special Developmental School) යන පාසල් මෙන්ම පවතින අනතුරුදායක තත්ත්වය හේතුවෙන් රාජ්‍ය නොවන පාසල් කිහිපයක් ද අද වසා දමා තිබුණා.

කාලගුණ විද්‍යා කාර්යාංශය දැනුම්දී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට අනතුරුදායක සුළංසමග වැසි තත්වය අද සවස් කාලය තෙක් පවතිනු ඇති බවටයි.

පැයට කිලෝමීටර 90ක පමණ උපරිම වේගයකින් සුළං අපේක්ෂා කෙරෙන අතර Horsham, Warrnambool, Maryborough, Ballarat, Geelong, Melbourne, Traralgon සහ Bairnsdale ප්‍රදේශවලට එමගින් බලපෑම් ඇති විය හැකියි.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් නිව් සවුත්වේල්ස් වික්ටෝරියා දේශසීමාව ආසන්න ප්‍රදේශයේදී අද අලුයම 3.50ට පමණ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් 63 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »