Search

Gold Coast Dreamworld හි ව්‍යාඝ්‍රයෙක් ප්‍රචණ්ඩ වෙයි – කාන්තාවක් රෝහලේ

ගෝල්ඩ් කෝස්ට් හි ඩ්‍රීම්වර්ල්ඩ් උද්‍යානයේ සේවය කරමින් සිටි කාන්තාවකට ව්‍යාඝ්‍රයෙකු විසින් පහර දීමේ සිදුවීමක් වාර්තා වනවා.

ඇය මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ගෝල්ඩ් කෝස්ට් රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩ්‍රීම්වර්ල්ඩ් හි සත්වයන් හසුරුවන්නෙකු ලෙස සේවය කරන මෙම 30 හැවිරිදි කාන්තාවට අද පෙරවරු 9ට පමණ එල්ල වූ ප්‍රහාරයෙන් දෙඅත්වලට ගැඹුරු තුවාල සිදුවී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ගිලන්රථ සේවයේ වෛද්‍යවරුන් පැවසුවේ ඇය ගෝල්ඩ් කෝස්ට් රෝහල (Gold Coast University Hospital) වෙත ගෙන යාමට පෙර මූලික ප්‍රතිකාර ලබා දුන් බවයි.

අද දිනයේ Dreamworld උද්‍යානය මහජනතාවට විවෘත කිරීමට පෙර මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා.

ගෝල්ඩ් කෝස්ට් හි ඩ්‍රීම්වර්ල්ඩ් උද්‍යානයේ සුමාත්‍රා සහ බෙංගාල විශේෂයේ ව්‍යාඝ්‍රයන් නව දෙනෙකු සිටින අතර එම ස්ථානය ඩ්‍රීම්වර්ල්ඩ් වෙත පැමිණෙන සංචාරකයන්ගේ වඩාත් ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් ලෙසටයි සැලකෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් උද්‍යාන ක්‍රියාකරුවන් සඳහන් කළේ හොඳින් පුහුණුව ලැබූ සතුන් හසුරුවන්නෙකුට ව්‍යාඝ්‍රයෙකු පහරදී ඇති බවයි.

මෙය දුර්ලභ සිදුවීමක් වන අතර ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන බව ද එම නිවේදනයේ සඳහන්.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »