Search

දිමුත් කරුණාරත්න සනත් අභිබවයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ටෙස්ට් තරගවලදී වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ක්‍රීඩකයින් අතර 4 වන ස්ථානයට පත්වීමට දිමුත් කරුණාරත්න සමත් වී තිබෙනවා.

ඒ, එංගලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේ දී ලකුණු ලකුණු 55ක් රැස්කර ගැනීමත් සමඟයි.

දිමුත් කරුණාරත්න මේ දක්වා ලබාගෙන ඇති සමස්ත ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 6990ක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කරගෙන ඇත්තේ, කුමාර සංගක්කාර වන අතර ඔහු ලකුණු 12,400ක් ලබාගෙන තිබෙනවා.

දෙවන ස්ථානයේ පසුවන මහේල ජයවර්ධන ලකුණු 11,814ක් ද තුන්වන ස්ථානයේ පසුවන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7,727ක් ද ලබා සිටිනවා.

ලකුණු 6,973ක් ලබා මෙතෙක් 4 වන ස්ථානයේ සිටි සනත් ජයසූරිය දිමුත් කරුණාරත්න ලකුණු 6990ක් ලබා ගැනීමත් සමග පස්වන ස්ථානයට පත්වුණා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »