ගුවන් ටිකට් එකක් ගන්න එන්නත අනිවාර්ය කිරීමේ යෝජනාවක්01

ජාත්‍යන්තර ගුවන් ගමන්වල නිරතවීමට නම් කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන තිබීම අත්‍යවශ්‍ය කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් හි ප්‍රධාන විධායක නිළධාරී ඇලපන් ජොයිස් මහතා පෙන්වා දෙන්නේ දැනට කඩා වැටී ඇති ගුවන් ගමන් ක්ෂේත්‍රය එමගින් නගා සිටුවිය හැකි බවයි.

මේ පිළිබඳ සෑම රජයක්ම අවධානය යොමුකල යුතුව ඇතැයිද ඔහු අවධාරණය කරනවා.

2019 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සියයට 75 යි දසම 06 කින් පහත වැටී තිබුණා.

ඒ අනුව ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට පෙර එන්නත ලබාගෙන ඇතිද යන පූර්ව කොන්දේසිය හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමුකල යුතුව ඇති බවයි ක්වන්ටාස් සමාගම නිවේදනය කලේ.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »