Search

Just In : තමිල් අරසු පක්ෂයේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

එය අද වව්නියාවේදී පැවැත්වුණා.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන්ට ඉදිරිපත් නොවන ලෙස දන්වා ඇති බවද සඳහන්.

ඉලංගෙයි තමිල් අරසු කච්චි, ද්‍රවිඩ ජාතික සංවිධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස සැලකෙයි.

ගුවන් නියමුවාගේ අවධානයෙන් බ්‍රිස්බන් වෙත ආ ජීවිත රැසක් බේරෙයි

බ්‍රිස්බන් වෙත පැමිණෙමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක් පීඩන පද්ධතියේ ගැටළුවක් හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් (Rockhampton Airport) ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

Read More »

2024 වික්ටෝරියා අධ්‍යාපන සම්මාන නිර්දේශ අතරට ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකුත්

2024 වසරේ වික්ටෝරියා ජාත්‍යන්තර අධ්‍යාපන සම්මාන සඳහා (Victoria’s education awards) ශ්‍රී ලාංකික සිසු සිසුවියන් කිහිප දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »