සිය නිවසේ සිටි ගෘශ සේවිකාවට අඩු වැටුප් ලබාදීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක වන හිමාලි අරුණතිලකට ලබාදුන් අධිකරණය නියෝගයට අදාළව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අදාළ ගෘහ සේවිකාවගේ නීතිඥවරයා කරුණු පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ ඩේවිඩ් හිලාඩ් (David Hillard) පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය සාවද්‍ය කරුණුවලින් සමන්විත වන බවයි.
ප්‍රියංකා ධනරත්න නම් මෙම කාන්තාව ඔස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක වන හිමාලි අරුණතිලකගේ නිවසෙහි සේවය කළ කාලයට අදාළව ඇයට ලැබී ඇත්තේ ඩොලර් 11,212ක වැටුපක් පමණක් බව මෙම නිවේදනයේ සඳහන් වනවා.
එය කොන්ත්රාත්ත කාලයට අදාළව හිමිවිය යුතු වැටුපෙන් අඩක් පමණ වන බවයි නීතිඥ ඩේවිඩ් හිලාඩ් සිය මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත්තේ.
මෙම චෝදනාවට අදාළව පසුගිය අගොස්තු 15 වනදා ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් හිමාලි අරුණතිලකට නියෝග කළේ ප්‍රියංකා ධනරත්නට නොගෙවන ලද වැටුප් වෙනුවෙන් ඩොලර් 374,000ක මුදලක් සහ ඊට අමතරව තවත් ඩොලර් 169,000ක මුදලක් දඩයක් ලෙසට ද ගෙවන ලෙසටයි.
ඉන් දින දෙකකට පසු එනම් අගෝස්තු 17 වනදා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වුනේ හිමාලි අරුණතිලක සහ ගෘහ සේවිකාව අතර ඇති කර ගත් ගිවිසුමකට අදාළව මෙම වැටුප් ගෙවීම සිදු කර ඇති බවයි.
කෙසේවෙතත් එවැනි කිසිදු ලියවිල්ලක් නොමැති බව ප්‍රියංකා ධනරත්නගේ නීතීඥවරයා වන ඩේවිඩ් හිලාඩ් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.
එවැනි ගිවිසුමක් ඇත්නම් එය වහා ප්‍රසිද්ධියට පත් කරන්නැයි ද එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය වහා ඉල්ලා අස්කර ගත යුතු බව ද ඔහු අවධාරණය කරනවා.
එමෙන්ම තම සේවාදායිකාවගේ විදේශ ගමන් බලපත්‍රය පවා හිටපු නියෝජ්‍ය මහකොමසාරිස්වරිය විසින් ඇයගේ භාරයට ගෙන තිබූ බව නීතිඥ ඩේවිඩ් හිලාඩ් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.
වසර 3ක් පුරා සතියේ දින 7ම දිනකට පැය 16කට නොඅඩු කාලයක් සේවය කරමින් සිය සේවාදායිකාව බරපතල ශ්‍රම සූරාකෑමකට ලක්ව ඇති බවයි නීතිඥවරයා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
එමෙන්ම නියෝජ්‍ය මහකොමසාරිස්වරියගේ අනුදැනුමකින් තොරව සිය සේවාදායිකාවට නිවසින් පිටතට යාමට තහනම් කර තිබූ බවත් ඔහු සිහිපත් කරනවා.
ඔස්ට්‍රේලියා ෆෙඩරල් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ලේඛනවලට අදාළව මසකට ඔස්ට්‍රේලියානු ඩොලර් 620ක මුදලක් පමණක් සිය සේවාදායිකාවට වැටපු ලෙස ගෙවා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මීට අදාළව නීතිඥ ඩේවිඩ් හිලාඩ් නිකුත් කර ඇති සමස්ත මාධ්‍ය නිවේදනය පහතින්.
Statement on behalf of Ms Horathal Pedi Gedara Priyanka Danaratna
On 15 August 2024, the Federal Court of Australia ordered that Ms Himalee Arunatilaka, the former Deputy High Commissioner of Sri Lanka to Australia, pay Ms Danaratna $374,000 in unpaid wages, plus a further $169,000 in interest, for work performed in at the former Deputy High Commissioner’s residence in Canberra. The Court found that Ms Arunatilaka required her employee to work 7 days a week, at least 16 hours per day, and only provided two days off in three years.
On 17 August 2024, the Sri Lankan Ministry of Foreign Affairs issued a Media Release about the Court judgment.
It is very important to note that the Media Release did not deny at all that the former Deputy High Commissioner took Ms Danaratna’s passport away from her, made Ms Danaratna sign a contract in English which she could not read and which was not translated or explained, required Ms Danaratna to work at least 16 hours per day, 7 days a week for 3 years, did not allow Ms Danaratna to leave the former Deputy High Commissioner’s house without permission, and did not pay any money into an Australian bank account which Ms Danaratna could access.
Ms Danaratna rejects the statement in the Media Release that the Ministry is satisfied that a “mutually agreed” salary was paid to her by the former Deputy High Commissioner. She has no idea how the Ministry could reach such a position.
The evidence before the Australian Court, including the contract prepared and executed by Ms Arunatilaka on 12 August 2015, showed that Ms Arunatilaka would pay Ms Danaratna AU$620 per month.
Leaving aside that this contract did not comply with minimum employment requirements under Australian law, it is very clear that Ms Arunatilaka did not pay the $620 monthly salary under the contract.
Her Honour Justice Raper found on the evidence that Ms Arunatilaka paid Ms Danaratna a total of only $11,212 in wages in three years. That is only half of the contracted salary amount.
The former Deputy High Commissioner (and now Sri Lanka’s Ambassador and Permanent Representative to the United Nations in Geneva) did not provide any evidence to the Australian Court to show that she had paid her worker what was in the contract or what was required under Australian law.
If the Sri Lankan Government has any evidence to support its Media Release, it should provide that now.
Otherwise the Media Release should be corrected immediately.
31 August 2024
David Hillard
Lawyer for Ms Danaratna
Clayton Utz
Sydney Australia
(Colombo/Aug31/2024)