Search

ඔස්ට්‍රේලියා සරසවි සිසුන් අතර ජනප්‍රිය කිසිදා අසා නොමැති රැකියා 06ක්

ඉදිරි අනාගතය අරමුණු කර ගමින් බිහිවන නව රැකියා කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

විශ්ව විද්‍යාල සිසුන් බොහෝ දෙනෙකු ද ප්‍රකාශ කර ඇත්තේ තවමත් හඳුන්වා දී නොමැති එහෙත් අනාගතයේ පවතින රැකියාවක් සඳහා අධ්‍යාපනය ලබා ගන්නා බවයි.

මෙම රැකියා 06 පිළිබඳ කිසිදා අසා නොමැති වුව ද ඒවා ඉක්මනින් නිර්මාණය වනු ඇති බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

කෘතිම බුද්ධිය නොහොත් (AI) තාක්‍ෂණයේ වර්ධනය හමුවේ රැකියා අවස්ථා වේගයෙන් වෙනස් වන බවයි ඔවුන් ප්‍රකාශ කරනවා.

ANU Cybernetics පාසලේ මහාචාර්යවරයෙකු වන Catherine Ball පැවසුවේ ලෝකය නව රැකියා බිහි කරමින් පස්වන කාර්මික විප්ලව යුගයට පැමිණ සිටින බවයි.

creative technologist, data ecologist, algorithm lawyer, human verification nurse, journalism-truther සහ digital doppelgänger curator මෙම නව වෘත්තීන් අතරට අයත්. .

human verification nurse නම් රැකියාවේ වන්නේ ව්‍යාජ සහ AI අනුකරණ ඉවත් කිරීම සඳහා සැබෑ මිනිසුන් හඳුනා ගැනීමට පුහුණුවක් පැවතීමයි.

එමෙන්ම algorithm lawyer යනු නීතිය පිළිබඳව විශේෂයෙන් පුහුණු වූ නීති වෘත්තිකයෙකු වන අතර AI තාක්ෂනය සම්බන්ධයෙන් නීති වෘත්තිය තුළ භාවිතා කිරීමේ විශේෂඥයෙක් වනවා.

මෙම අනාගත රැකියා හය ඉතා ඉක්මනින් නිර්මාණය වනු ඇතැයි මහාචාර්ය Ball සඳහන් කළා.

ආචාර්ය බෝල් පැවසුවේ ක්වොන්ටම් පරිඝනකයේ සහ AI තාක්ෂණයේ පරිණාමය පිළිබඳ නිරීක්ෂණය කරන අතර ඉදිරියේදී තවත් රැකියා සහ සමාජ විසඳුම් නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවයි.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »