Search

සිඩ්නි රෝහල් රැසක වකුගඩු රෝග dialysis ප්‍රතිකාර සීමා කෙරේ

වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන ඩයලිසිස් (dialysis) ප්‍රතිකාරය සිඩ්නි අවට රෝහල් රැසක සීමා කිරීමට සිදුවී ඇතැයි වෛද්‍යවරු පවසනවා.

ජීවිතාරක්ෂක ප්‍රතිකාර ක්‍රමයක් වන මෙය සීමා කිරීම අර්බුදයක් විය හැකි බවටයි සිඩ්නි වෛද්‍යවරු අනතුරු අඟවා ඇත්තේ.

සෞඛ්‍ය කලාප තුනක සේවය කරන වෛද්‍යවරු පවසන්නේ පසුගිය මැයි මාසය අවසානයේ සිට ඩයලිසිස් රෝගීන්ගේ සම්මත ප්‍රතිකාර ක්‍රමය සතියකට තුන් වතාවක් වෙනුවට සතියකට දෙවතාවක් දක්වා අඩු කර ඇති බවයි.

වසර ගණනාවක් පුරා සෞඛ්‍ය සේවයේ අවශ්‍යතා සඳහා අඩු ආයෝජනයක් කිරීම හේතුවෙන් වකුගඩු අකර්මණ්‍ය වූ රෝගීන් සඳහා ලබාදෙන ජීවිතාරක්ෂක ප්‍රතිකාර ක්‍රමය ද සලාක ක්‍රමයට ලබාදීමට සිදුවී ඇති බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

නේපීන් රෝහලේ (Nepean Hospital) වෛද්‍ය කාර්ය මණ්ඩල සභාපති වෛද්‍ය ජේම්ස් මැලෝස් ප්‍රකාශ කළේ වකුගඩු රෝගීන්ට ප්‍රමාණවත් ප්‍රතිකාර ලබා දීමට නොහැකි අතර එමගින් රෝගාබාධ වැඩිවීම සහ මරණ සිදුවීම ඉහළ යන බවයි.

මේ හේතුවෙන් වකුගඩු සහ ඩයලිසිස් සේවාවන් කෙරෙහි කඩිනම් අවධානයක් යොමු කරන ලෙස සිඩ්නි අවට සෞඛ්‍ය කලාපවල වෛද්‍යවරුන් සහ විශේෂඥයින් 45ක් පමණ නිව් සවුත්වේල්ස් සෞඛ්‍ය අංශයෙන් ඉල්ලා තිබෙනවා.

මේ වන විට සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ රටවල පවතින ආකාරයේ hemodialysis ප්‍රතිකාර ලබා දෙන අතර මේ වන විට ප්‍රාන්තයේ වකුගඩු සම්බන්ධ ප්‍රතිකාර සේවය තීරණාත්මක ස්ථානයකට පැමිණ ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම තත්වය ඉතා බැරෑරුම් ලෙස සලකන අතර වකුගඩු සේවා සඳහා අමතර මුදල් ආයෝජනය කිරීමට සැලකිය යුතු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය ලේකම් ඩෙබොරා විල්කොක්ස් සඳහන් කළා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »