Search

ඉදිරි පැය කිහිපය ගැන අවධානයෙන් ඉන්න වික්ටෝරියා ජනතාවට උපදෙස්

වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළං තත්වයෙන් දැඩි බලපෑම් එල්ලවනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කර තිබෙනවා.

මේ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිතදිග වෙරළ තීරය සහ මෙල්බන්හි Wilsons Promontory දක්වා වෙරළ තීරය ආසන්න ජනතාවට විශේෂ අවධානයකින් පසුවන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 60 සිට 70 දක්වා වේගවත් සුළං පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 130ක පමණ තද සුළං ඇති විය හැකි බව හදිසි සේවා අංශ දැනුම් දෙනවා.

ප්‍රබලතම සුළං තත්වය හෙට අලුයම 2 සිට 4 දක්වා මෙල්බන් නගරයට පැමිණෙනු ඇති බවටයි දැනුම්දී ඇත්තේ.

පසුගියදා නිවාස 600කට හානි කරමින් තවත් නිවාස 35,000කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි කළ අයහපත් කාලගුණයෙන් සතියකට පමණ පසුව මෙම සුළි සුළං තත්වය වාර්තා වී තිබෙනවා.

හදිසි කළමනාකරණ කොමසාරිස් රික් නුජෙන්ට් වික්ටෝරියා ජනතාවගෙන් ඉල්ලා සිටියේ තවදුරටත් විදුලිය ඇනහිටීම් ද සිදුවිය හැකි බවයි.

මෙවැනි තවත් සුළං තත්වයක් ලබන බදාදා දිනයේ ද පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් මෙතරම් බලපෑමක් සිදු නොවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

2021 වසරෙන් පසු මෙවැනි දැඩි සුළං තත්වයක් මතුවූ පළමු අවස්ථාව මෙය වන අතර පිහිනීම සහ මසුන් ඇල්ලීම ඉතා භයානක වන බව රාජ්‍ය හදිසි සේවා (SES) ප්‍රධාන නිලධාරි Tim Wiebusch ප්‍රකාශ කළා.

වෙරළ ආසන්න ප්‍රදේශවල තත්වය අනතුරුදායක වනු ඇතැයි අපේක්ෂා කරන අතර රළ පහරට නිරාවරණය වන ප්‍රදේශවලින් සහ කඳු බෑවුම්වලින් ඉවත්ව සිටින ලෙසත් ජනතාවට අවවාද කර තිබෙනවා.

කාලගුණ විද්‍යා කාර්යාංශය පැවසුවේ අසාමාන්‍ය ලෙස ඇති වන රළ මීටර් අටක් තරම් උසට පැමිණිය හැකි බවයි.

එමෙන්ම මෙම දැඩි සුළං සහ වැසි තත්වය හේතුවෙන් නිවාසවල එළිමහනේ ඇති සැහැල්ලු භාණ්ඩ ආරක්ෂා කර ගන්නා ලෙසට ද ඉල්ලීමක් කෙරෙනවා.

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »

Today’s Top Stories.2024.09.16

ජීවත් වීමට හොඳම රටවල් අතරින් ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන මෙල්බන්වල Casey කවුන්සිල මැතිවරණයට එන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර තවත් ඝාතන සැලැස්මක් නිවාස ගැටලුව

Read More »