Search

ඔස්ට්‍රේලියාවේ credit card භාවිත කරන අයට ළඟදීම ලොකු වාසියක්

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම් පීඩනය හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ් මත පනවා ඇති අධිභාර (credit card surcharges) ඉවත් කිරීමට අවධානය යොමුවී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැති ඇන්තනි ඇල්බනිස් සඳහන් කර ඇත්තේ ප්‍රධාන ගැටළුවක්ව පවතින ජීවන වියදම ගැටලුව විසඳීම සඳහා කැපවී සිටින බවයි.

ඔස්ට්‍රේලියානු මුල්‍ය ආයතනවලට තම ගනුදෙනුකරුවන්ට සහන ලබා දීමේ වගකීමක් ඇති බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ.

බැංකු ප්‍රධානීන් ද මෙම අධිභාරය ඉවත් කිරීමට සහාය දෙන බැවින් අවහන්හල් මෙන්ම සුපිරි වෙළඳසල් ඇතුළු සියලු ගෙවීම් මත පැනවෙන අධික ගාස්තු ඉවත් වනු ඇති බව සඳහන්.

මෙම බදු මුදල එතරම් විශාල නොවුන ද විශේෂඥයින් පවසන්නේ ජීවන වියදම සමඟ අරගල කරන විට ඔස්ට්‍රේලියානුවන්ට එම මුදල ද වටිනාකමක් බවයි.

ඇතැමුන් මෙම ගාස්තු සඳහා වසරකට ඩොලර් දස දහස් ගණනක් වියදම් කරන අතර අධිභාර සම්බන්ධයෙන් වඩාත් පැහැදිළි විනිවිද පෙනෙන නීති පවතින්නේ නම් එය පහසු වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Eftpos සඳහා මේ වන විට පවතින සියයට 0.5 ට අඩු ගාස්තුව, Visa and Mastercard debit සඳහා සියයට 0.5ක් මෙන්ම Visa and Mastercard credit සඳහා වන සියයට 01 සහ සියයට 1.5 අතර බදු වෙනස් කිරීම සඳහා සංචිත බැංකුව සීමාවන් සකසමින් පවතින බව සඳහන්.

කෙසේවෙතත් මෙම අධිභාර තහනම් කිරීම ඔස්ට්‍රේලියාවේ අවන්හල් සහ කැෆේ සඳහා බලපෑමක් ඇති කරන බවයි Australian Restaurant සහ Café සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Wes Lambert කියාසිටියේ.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »