පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග ටස්මේනියා ප්‍රාන්තයේ පුද්ගලයන් 30,000කට පමණ විදුලිය විසන්ධි වී තිබෙනවා.
එමෙන්ම ප්‍රාන්තයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
Derwent ගංගාව අවට Meadowbank සිට Macquarie Plains දක්වා වන ප්‍රදේශ සඳහා ගංවතුර හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලද අතර එහි නිවැසියන්ට ඉවත්ව යන ලෙසට දැනුම්දී තිබෙනවා.
දැඩි සුළං සහ වැසි තත්වය අඛණ්ඩව පවතින බැවින් Medowbank, Glenora, Bushy Park, Gretna, Macquarie Plains වැනි පහත් බිම්වල සිටින ජනතාව ද අවධානයෙන් පසුවිය යුතු බවටයි දැනුම් දී ඇත්තේ.
570,000ක පමණ ජනගහනයක් සිටින ටස්මේනියාවට අධික ගිගුරුම් සහිත වැසි සහ දැඩි සුළං තවදුරටත් පවතින බව සඳහන්.
මෙම තත්ත්වය හෙට අලුයම දක්වා බටහිර සහ උතුරු වෙරළ තීරයට බලපානු ඇති බවයි කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කර ඇත්තේ.
මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් දින කිහිපයක් ටස්මේනියා ජනතාව හුදකලා විය හැකි බැවින් ප්‍රාන්ත හදිසි සහන සේවය සූදානමින් සිටින බව එහි අධ්‍යක්ෂ මික් ලෝව් ප්‍රකාශ කළා.