Search

වික්ටෝරියා Midwivesලාට ගබ්සා ඖෂධ දෙන්න අවසර

වික්ටෝරියා ප්‍රාන්තයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට (Midwives) ගැබිණි කාන්තාවන් සඳහා නියම කළ හැකි ඖෂධ සම්බන්ධයෙන් විශාල වෙනසක් සිදු කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී මේරි ඈන් තෝමස් සඳහන් කළේ අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය බලපැවැත්වෙන බවයි.

මේ අනුව ප්‍රාන්තයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට වෛද්‍ය අවශ්‍යතා මත සිදු කෙරෙන ගබ්සාවන් සඳහා ඖෂධ වට්ටෝරු ලබා දීමට අවසර හිමි වනු ඇති.

වසර තුනක සායනික පුහුණුවක් සහිත, රජයේ අනුමත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට රෝගීන් සඳහා වේදනානාශක ඖෂධ, නිර්වින්දන සහ ගබ්සා කිරීමේ ඖෂධ නියම කිරීමට අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

බලයලත් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට පූර්ණ කාලීන සායනික පුහුණුව පිළිබඳ අවම වශයෙන් වසර තුනක පළපුරුද්දක් තිබිය යුතු අතර ඖෂධ නිර්දේශ කිරීම සඳහා උපාධි අධ්‍යාපනය සහ පුහුණුව ලබා තිබිය යුතු බව ද සඳහන්.

සෞඛ්‍ය ඇමතිවරිය පැවසුවේ මෙය වික්ටෝරියා ප්‍රාන්තයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ වෙහෙස සහ ඔවුන්ගේ කුසලතා හඳුනා ගැනීමේ වැදගත් කටයුත්තක් බවයි.

ගබ්සා කිරීම් වැනි කටයුතු සඳහා පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් බොහෝ දුරක් ගමන් කිරීමට අවශ්‍ය කලාපීය ග්‍රාමීය ප්‍රදේශවල සිටින වික්ටෝරියානු ජනතාවට මෙය වැදගත් වනු ඇති බවයි ඇය පෙන්වා දුන්නේ.

ඕස්ට්‍රේලියානු හෙද සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සම්මේලනයේ මාතෘ සේවා නිලධාරිනි නිකොල් ඇලන් පැවසුවේ මෙම තීරණයත් සමග පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට ප්‍රසූති වේදනා නාශක ඖෂධ, විවිධ ආසාදන සඳහා ප්‍රතිජීවක සහ මව්කිරි දීමට අවශ්‍ය ඖෂධ නියම කිරීමට ද ඉඩ සැලසෙන බවයි.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »