Search

පියවරුන්ගේ දිනයේදී ඔස්ට්‍රේලියාවේ පියවරුන් ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් පියෙකු බවට පත්වීමේ නව වයස් සීමාවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පියවරුන්ගේ දිනයේදී අනාවරණයක් සිදුකර තිබෙනවා.

ඔස්ට්‍රේලියා සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ මෙම දත්තවල දැක්වෙන්නේ 1977 වසරේදී උපත් ලියාපදිංචි කිරීමේදී සාමාන්‍යයෙන් පියෙකුගේ වයස අවුරුදු 29ක වැනි මට්ට්මක පැවතුන ද 2022 වසර වන විට එය අවුරුදු 33.7ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

1977 වසරේදී ලියාපදිංචි වූ දරු උපත් සඳහා පියවරුන්ගේ මධ්‍යන වයස සැලකීමේදී එය කාලයත් සමඟ ඉහළ යමින් පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාවේ නව පියවරුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 33.7ක් වුව ද ඇතැම් පියවරුන්ට වයස අවුරුදු 40, 50 සහ 60 වැනි වයස්වලදී ද තම පළමු ලියාපදිංචි කර ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

වැඩිහිටි පීතෘත්වය සමඟ අභියෝග රැසක් මෙන්ම ජීවිතයේ පසුකාලීනව දරුවන් ලැබීමේ වාසි ද පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කර තිබෙනවා.

මාපිය-ළදරු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජෙනට් මිල්ග්‍රෝම් පෙන්වා දුන්නේ ජීවිතයේ පසුකාලීනව පියෙකු වීමේදී මූල්‍ය ස්ථාවරත්වය සහ ජීවිත අත්දැකීම් වැඩි වීම වැනි වාසි ද පවතින බවයි.

දෙමාපියන්ගේ වගකීම් සහ ජීවන රටාවේ වෙනස්කම් වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට බලපාන අතර ජීවිතයේ පසුකාලීනව පියෙකු වීම තුලින් කාංසාව සහ ආතති මට්ටම් වැඩි කළ හැකි බවයි පැවසෙන්නේ.

මෙම තත්වය මත මාපිය ළදරු පර්යේෂණ ආයතනය (PIRI) විසින් ඔස්ට්‍රේලියාව පුරා සිටින පියවරුන්ට උපකාර කිරීම සඳහා DadSpace නමින් වෙබ් අඩවියක් ද නිර්මාණය කර තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »