Search

නිවසින් පිටතට නොයන්නැයි වික්ටෝරියා ප්‍රාන්ත ජනතාවට උපදෙසක්

පැයට කිලෝමීටර් 130ක දැඩි සුළං තත්වයක් ප්‍රාන්තය හරහා හමා යෑම සහ දැඩි වර්ෂාපතනයක් හේතුවෙන් වික්ටෝරියා ජනතාවට ආරක්ෂිතව නිවෙස්වල රැඳී සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

අද වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට දැඩි සුළං තත්වයක් ඇති වීමට නියමිත අතර එමගින් ගස් කඩා වැටීම මෙන්ම වෙරළ තීරයේ ද උස් රළ ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

වික්ටෝරියා හදිසි සේවා නිලධාරීන් මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දැඩි කාලගුණික අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර අද පස්වරුව වන විට සුළං තත්වය තවත් දැඩි වනු ඇති බව සඳහන්.

මෙල්බන් ද ඇතුළුව මධ්‍යම වික්ටෝරියා ප්‍රදේශයට අද දහවල් කාලයේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 50 සිට 65 දක්වා වන සුළංඇති විය හැකි අතර අද පස්වරුවේ පැයට කිලෝමීටර 130 දක්වා වන සුළං හමා යාමට නියමිතයි.

බටහිර වික්ටෝරියා, Geelong, Mornington අර්ධද්වීපය සහ Gippsland අවට ප්‍රදේශවල ද ප්‍රබල සුළං තත්වයක් අපේක්ෂා කෙරෙනවා.

මෙම කාලගුණික තත්ත්වයන් හමුවේ ඇති විය හැකි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස හදිසි සේවා නිලධාරීන් ප්‍රදේශවාසීන්ට උපදෙස් දී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත ජනතාවට නිවසින් පිටතට යාමෙන් වළකින ලෙසත් නිවසේ සිට වැඩ කරන ලෙසත් ඔවුන් දැනුම් දෙනවා.

හානි වූ ගොඩනැගිලි, කඩා වැටුණු ගස් සහ අතු මෙන්ම ඇද වැටී ඇති විදුලි රැහැන් සම්බන්ධයෙන් ද සැලකිලිමත් වන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »