Search

යතුරුපැදි අනතුරකින් ඔස්ට්‍රේලියා තරුණයෙකු බාලිහිදී මිය යයි

බාලි දුපත්වලදී සිදු වූ යතුරුපැදි අනතුරකින් ඔස්ට්‍රේලියා තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පදිංචිකරුවෙක් වන 30 හැවිරිදි ඔහු තම පෙම්වතිය සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනා තම මිතුරෙකුගේ විවාහ මංගල්‍යයක් සඳහා බාලි වෙත ගොස් ඇති අතර පසුව යතුරුපැදි සවාරියක් සඳහා ගොස් ඇති බව සඳහන්.

කඳුකර ප්‍රදේශයක් නැරඹීමට යතුරුපැදියෙන් ගමන් කිරීමේදී වංගු සහිත මාර්ගයේ යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව පාලනයෙන් ගිලිහි ගොස් කොන්ක්‍රීට් කණුවක හැපී අනතුරට ලක්වී තිබෙනවා.

මියගිය තරුණයා යතුරුපැදි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ වූ පළපුරුදු අයෙක් බව ද ඔහුගේ මිතුරන් ප්‍රකාශ කර තිබෙනවා.

විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සහ මියගිය තරුණයාගේ පවුලේ සාමාජිකයන් ඔහුගේ දේහය නිවසට ගෙන ඒමේ කටයුතු සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »