Search

සිඩ්නිවල තවත් අපරාධයක්

සිඩ්නි ඇෂ්ෆීල්ඩ් (Ashfield) ප්‍රදේශයේදී පිහි ඇනුමකින් තුවාල ලැබූ පුද්ගලයන් තුන් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇෂ්ෆීල්ඩ් හි චාලට් ස්ට්‍රීට් හි (Charlotte Street) ගොඩනැගිල්ලක සිටියදී තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.

28 හැවිරිදි තරුණයෙකුගේ ගෙලට සහ පාදයකට තුවාල සිදුවී ඇති අතර 29 හැවිරිදි තරුණයෙකුගේ අතකට පිහි ඇනුමෙන් තුවාල සිදුවී තිබෙනවා.

31 හැවිරිදි පුද්ගලයෙකු තමන්ට පහර දී පළා ගිය බවයි ඔවුන් පොලිසියට පවසා ඇත්තේ.

ගිලන් රථ වෛද්‍යවරුන් විසින් මෙම තරුණයන් දෙදෙනාට එම ස්ථානයේදී මූලික ප්‍රතිකාර ලබාදී ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර මෙම පිහි ඇනුමට සම්බන්ධ බවට සැකකෙරෙන 31 හැවිරිදි පුද්ගලයෙකු අද අලුයම 2.10 ට ඇෂ්ෆීල්ඩ් හි ආතර් ස්ට්‍රීට් හිදී (Arthur Street) පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

එක් අතක බරපතල තුවාලයක් ඇති එම පුද්ගලයා සෙන්ට් ජෝර්ජ් රෝහලට ගෙන යන ලද අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තිදෙනාම එකිනෙකා හඳුනන අය බවට විශ්වාස කෙරෙන අතර මේ සම්බන්ධයෙන් තොරතුරක් දන්නා අයෙක් සිටී නම් පොලිසියට දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

මැදපෙරදිග ගැටුම් නිසා ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අවවාදයක්

ලෙබනනය පුරා වාර්තා වූ සමූහ පිපිරීම්වලින් පසු පලස්තීනය, ඊශ්‍රායලය, සිරියාව සහ ලෙබනනය ඇතුලු මැදපෙරදිග යන රටවලට සංචාරය කිරීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියාව තම පුරවැසියන්ට අවධාරණය කර තිබෙනවා.

Read More »

ඩොලර් සිය ගණනක් වැය වන එන්නතක් SA ප්‍රාන්තයේ විශේෂ කණ්ඩායමකට නොමිලේ

භයානක ශ්වසන රෝගී තත්වයක් වන RSV වෙනුවෙන් ලබාදෙන එන්නත දකුණු ඔස්ට්‍රේලියාවේ ගර්භනී කාන්තාවන්ට සහ ළදරුවන්ට නොමිලේ ලබාදීමට තීරණය ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ දේශීය ගුවන් ගමන් ගාස්තු කැපී පෙනෙන ලෙස ඉහළට

රෙක්ස් (Rex) සහ බොන්සා (Bonza) කලාපීය ගුවන් සේවා ඔස්ට්‍රේලියාවේ අගනුවරවලින් ඉවත්වීම සමග දේශීය ගුවන් යානාවල ගමන් ගාස්තු ඉහළ ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

Alarm එක නිසා පැය 10කට පසු බේරුණු මෙල්බන් තරුණයා

මෙල්බන් සසේෆ්‍රාස් (Sassafras) ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පැය 10කට පමණ කාලයකට පසු අනතුරට ලක්වූ මෝටර් රථයේ සිරවී සිටි රියදුරා බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියා රජයේ තීරණයකට Instagram වෙතින් සහනයක්

නව යොවුන් වියේ පසුවන්නන් අතර වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය යෙදවුමක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) විසින් නව ආරක්‍ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »