වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සහ පෞද්ගලික ආරක්ෂක අංශ සංගමයේ සාමාජිකයන් ලබන සතියේ සිට යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
වැටුප් සම්බන්ධ ගැටලුවකට වික්ටෝරියානු රජය සමඟ පැවති සාකච්ඡාවලදී ද විසඳුමක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසුවයි ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ.
වේග සීමා නිරීක්ෂණ කැමරා ඇති ස්ථාන පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම, පොලිස් වාහනවල සටන් පාඨ ලිවීම සහ පොලිස් ස්ථානවල පෝස්ටර් ඇලවීම වැනි ක්‍රියාමාර්ග මෙම විරෝධතාවට අයත් වනවා.
වික්ටෝරියා පොලිස් සංගමය (TPAV) ඉදිරි වසර හතර තුළ සියයට හයක වාර්ෂික වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන අතර වැටුප් නොලබමින් සිදු කරන සේවා කටයුතු නතර කළ යුතු බවට ඉල්ලා තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ අනෙක් සේවකයින්ට ඉහළ වැටුප් වැඩිවීම් හිමි වන අතර පොලිස් නිලධාරීන්ගේ රැකියා ස්වභාවය සහ එමගින් ජනතාවට ඇති වැදගත්කම පවත්වා ගෙන යාමට වැටුප් වැඩි වීම් සිදු විය යුතු බවටයි ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ.
වික්ටෝරියානු රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ දෙපාර්ශවය අතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතර නව ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම පාර්ශ්වයන් එක්ව කටයුතු කරන බවයි.
2029 වන විට වික්ටෝරියා පොලිසියට පැය නවයේ සේවා මුර සහ දින නවයේ වැඩ සතියක් හඳුන්වා දීමට එකඟතාවකට එළඹී තිබූ අතර ඊට වසර හතරක් තුළ සියයට 16 ක වැටුප් වැඩිවීමක් ද ඇතුළත් වුණා.
කෙසේවෙතත් මෙම යෝජනාව පොලිස් වෘත්තීය සමිති සාමාජිකයින් විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර ඒ අනුවයි නැවත සාකච්ඡා ආරම්භ වූයේ.