Search

ඔස්ට්‍රේලියාවේ Rolls-Royce මෝටර් රථ රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

තිරිංග පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කරනු ලැබූ රෝල්ස් රොයිස් මෝටර් රථ මාදිලියක් නැවත කැඳවා තිබෙනවා.

රෝල්ස් රොයිස් ස්පෙක්ටර් විදුලි මෝටර් රථ කිහිපයක හදිසි අනතුරකට ලක්විය හැකි තිරිංග දෝෂයක් මත මෙම නැවත කැඳවීම සිදු කරන බවටයි දැනුම් දී ඇත්තේ.

ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඩොලර් මිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් දෝෂය සහිත මෝටර් රථවල රියදුරුට තිරිංග සඳහා වැඩි බලයක් යෙදීමට සිදුවන බවයි.

මෙම නිෂ්පාදන දෝෂය මගින් අනතුරක් වීමේ අවදානම වැඩි කළ හැකි බවයි දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත්තේ.

ඇතැම් අවස්ථාවල තිරිංග යෙදුව ද එය ක්‍රියාත්මක වීමට සාමාන්‍ය වේලාවට වඩා වැඩි වේලාවක් ගත වනු සඳහන්.

තිරිංග පද්ධතියේ කාර්ය සාධනය අඩු වීම මගින් වාහනවල ගමන් කරන්නන්, පදිකයින් සහ අනෙකුත් මාර්ග භාවිතා කරන්නන්ට තුවාල වීමට හේතු වන අනතුරක අවදානම වැඩි කළ හැකි බව දැනුම් දෙනවා.

මෙම නැවත කැඳවීම 2023 වසරේ සිට 2024 දක්වා මාදිලි අංක RR25 ඇති ස්පෙක්ටර් මෝටර් රථ වර්ග 23කට බලපාන බවයි පැවසෙන්නේ.

බලපෑමට ලක් වූ වාහන හිමිකරුවන් සපයා ඇති උපදෙස් පිළිපැදිය යුතු අතර වහාම තමන් ළඟම ඇති Rolls-Royce අලෙවි නියෝජිත අමතන ලෙසට ද දැනුම් දී තිබෙනවා.

අමතර කොටස් ලැබීමත් සමග බලපෑමට ලක් වූ වාහනවල හිමිකරුවන් සම්බන්ධ කර ගනිමින් තිරිංග ඒකකය නොමිලේ අලුත්වැඩියා කර දෙන බවයි දැනුම් දෙන්නේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »