ඉන්දුනීසියාවේ බාලි දූපත් වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට නව පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදුවන බවට වාර්තා වනවා.
mpox රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඉන්දුනීසියාව සියලුම ඔස්ට්‍රේලියානු සහ අනෙකුත් විදේශීය සංචාරකයන් සඳහා නව සෞඛ්‍ය ආරක්ෂණ පියවර හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය වසර තුළ ඉන්දුනීසියාවේ mpox රෝගීන් 80කට වඩා හඳුනාගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එරට රජය I Gusti Ngurah Rai ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නව පරීක්ෂණ ක්‍රම හඳුන්වා දී ඇති අතර පැමිණෙන සියලු සංචාරකයන්ට SatuSehat යෙදුම බාගත කිරීමට සිදුවන බව සඳහන්.
ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය SatuSehat යෙදුම හඳුන්වා දී ඇත්තේ සංචාරකයන්ට තම සෞඛ්‍ය තත්වය සහ පෞද්ගලික තොරතුරු පිළිබඳ තොරතුරු ලබාදීමට සහ mpox වෛරසය පැතිරීම නිරීක්ෂණය කිරීම සඳහායි.
බාලි හෝ ඉන්දුනීසියාවේ වෙනත් ස්ථානයකට යාමට සුදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට Apple App Store වෙතින් හෝ හෝ Google play store වෙතින් SatuSehat යෙදුම බාගත කළ හැකියි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Mpox පැතිරීම් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස නම් කිරීම හේතුවෙන් ඉන්දුනීසියාව මෙම පියවරට එළඹ තිබෙනවා.
නව නීති යටතේ, සෑම මගියෙකු මෙන්ම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුම ආගමන විගමන අංශය ඔස්සේ රටට ඇතුළු වීමට පෙර SatuSehat Health Pass පෝරමය යෙදුම හරහා සම්පූර්ණ කළ යුතුයි.
මීට අමතරව, බාලි ගුවන් තොටුපලේ ජෛව ආරක්ෂණ කණ්ඩායම් විසින් මගීන්ගේ සිරුරේ උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා පැමිණීමේ පර්යන්තයේ කැමරා ද සවි කර තිබෙනවා.
හෙට සිට 3 වනදා දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන ඉන්දුනීසියා-අප්‍රිකා සංසදය 2024 (Indonesia-Africa Forum 2024) සඳහා සත්කාරකත්වය දැක්වීමත් සමග මෙම නව ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
අප්‍රිකාව mpox වෛරසයේ කේන්ද්‍රස්ථානය වී ඇති අතර දහස් ගණනක් රෝගීන් මේ වන විට හඳුනාගෙන තිබෙනවා.