තැපැල් මගින් ලිපි හුවමාරු කිරීම අඩු වීම හේතුවෙන් Australia Post වෙත ඩොලර් මිලියන 88ක පමණ පාඩුවක් සිදුව ඇති බව අනාවරණ වී තිබෙනවා.
මේ වන විට බොහෝ දෙනෙකු ලිපි මගින් ගණුදෙණු කිරීමෙන් ඈත් වී ඇති අතර මෙම තත්වය මත පසුගිය මූල්‍ය වර්ෂයේදී පමණක් ඔස්ට්‍රේලියා පෝස්ට් වෙත ඩොලර් මිලියන 88.5ක අලාභයක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය මූල්‍ය වර්ෂය තුළ රට පුරා තැපැල් කාර්යාල හරහා ලිපි බිලියන 1.76ක් බෙදාහැර ඇති අතර එම අගය ඊට පෙර වසරවලට සාපේක්ෂව සියයට 12.9 ක අඩුවීමක් බව සඳහන්.
ලිපි ගණුදෙනුවලින් ඔස්ට්‍රේලියානුවන් ඈත්වුවද Australia Post හරහා පාර්සල් ගෙන්වා ගැනීමේ වර්ධනයක් පෙන්නුම් කරන අතර පාර්සල් බෙදා හැරීමේ ආදායම අඛණ්ඩව ඩොලර් බිලියන 6.46 දක්වා වර්නධය වී තිබෙනවා.
එම අගය සියයට තුනක වැඩිවීමක් බව සඳහන්. .
මාධ්‍ය වෙත අදහස් දක්වමින් Australia Post හි ප්‍රධාන විධායක නිලධාරී Paul Graham කියාසිටියේ පාර්සල් බෙදා හැරීම අතින් Australia Post සේවාව ඉහළ මට්ටමක පැවතියද අභියෝග රැසකට තවමත් මුහුණ දෙන බවයි.
ලිපි බෙදාහැරීම් සහ කවුන්ටර් ගණුදෙණු අවසන් වී ඩිජිටල්කරණයට මාරුවීම හේතුවෙන් සාම්ප්‍රදායික තැපැල් සේවා බිද වැටී ඇති අතර නූතනත්වය සමග ගමන් කිරීමට සැළසුම් කරන බවයි Paul Graham වැඩිදුරටත් සඳහන් කළේ.