Search

රූකාන්ත,චන්ද්‍රලේඛා ඇතුලු පවුල ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වෙයි

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් සපයන ”රූකාන්ත ගුණතිලක කලා පවුල” ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්ව තිබෙනවා.

රූ සඳ රෑ ප්‍රසංගය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක ප්‍රමුඛ චන්ද්‍රලේකා පෙරේරා, රයිනී චාරුකා ගුණතිලක, සනුක වික්‍රමසිංහ සහ වින්ඩි විසිනුයි වික්ටෝරියා පාර්ලිමේන්තුවේදී මෙම සහතික හිමි කරගනු ලැබුවේ.

මෙම ඇගයීම් උළෙල සංවිධානය කර තිබුණේ ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉවාන් මුල්හෝලන්ඩ්, විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් වෙල්ච් යන පිරිසකගේ සහභාගීත්වයෙන්.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම සහතික පිරිනැමීමේ අවස්ථාවේදී ශිල්පි රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාට ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මාන ද්විත්වයක් පිරිනමා තිබෙනවා.

එමෙන්ම ඔවුන්ගේ දියණියන් වන රයිනි චාරුකා ගුණතිලක සහ වින්ඩි ගුණතිලක ද එහිදී සම්මානයට පාත්‍ර වුණා.

මෙම අවස්ථාව සඳහා සනුක වික්‍රමසිංහට ද ආරාධනා කර තිබුණ ද ඔහුට එම මොහොතට සහභාගී වීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ට මුදල් ඉතිරි කර ගන්න මෙන්න සුබ පණිවුඩයක්

ඉදිරි මාස 12ක කාලයක් තුල පොලී අනුපාත කප්පාදු හතරක් සිදු වන බවට ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපල හුවමාරුව (ASX) පුරෝකථනය කර තිබෙනවා.

Read More »

QLD ශත 50 ගාස්තුව ගැන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම පොරොන්දුවක්

ලබන මාසයේ පැවැත්වෙන ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත මැතිවරණයෙන් කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද පොදු ප්‍රවාහනයට හඳුන්වා දුන් ශත 50 ගාස්තුව තවදුරටත් පවත්වාගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙකම පොරොන්දු වී තිබෙනවා.

Read More »

ජයග්‍රාහකයාට එපා වූ $ මිලියනයේ ජයමල්ලට දින 10 කින් වෙන්න යන දේ

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ දිනුම් අදිනු ලැබූ ලොතරැයියක ඩොලර් මිලියනයක ත්‍යාග මුදල ලබා ගැනීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

Read More »

Summer එළැඹීමත් සමග hay fever ගැන අනතුරු ඇගවීමක්

ගිම්හාන (Summer) සෘතුව ආරම්භවීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අපරාධ අගනුවර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලේබර් (Labor) පක්ෂ පාලනය යටතේ ලිංගික අපරාධ, මංකොල්ලකෑම් සහ විවිධ අමානුෂික පහරදීම් වැනි සාපරාධි ක්‍රියා වැඩිවී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා‍

Read More »