එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් පාලිත රංගේ බණ්ඩාර ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ කටයුතු කර ඇති බව වාර්තා වනවා.
ඔහු අදාළ ධුරයෙන් ඉවත් කිරීමට හේතු වූ චෝදනාව වී ඇත්තේ මහලේකම් ධුරයට අදාළ රාජකාරී නිසිලෙස ඉටු නොකිරීම බව සඳහන්.
මෙම තත්ත්වය මත පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම ධුරයට තලතා අතුකෝරළ පත්කරන ලෙස පක්ෂයේ ඉහළ නිලධාරින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බව ද වාර්තා වනවා.
එහෙත් සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වීමෙන් පසු තලතා අතුකෝරල තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගෙන නොමැති වීම එම පත් කිරීම ප්රමාද වීමට හේතුවක් වී ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කර ඇත්තේ මහ ලේකම් ධුරයෙන් තමන්ව ඉවත් කිරීම පිළිබඳ මෙතෙක් දැනුවත් කර නොමැති බවයි.