
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිඛෙනවා.
පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශකයෙක් වන ෆයිසාල් සුල්තාන් සිය නිළ ටිව්ටර් ගිණුමේ සටහන තබමින් මේ බව තහවුරු කළා.
ඉම්රාන් ඛාන් මහතා මීට දින දෙකකට පෙර කොරෝනා මර්ධන එන්නතද ලබාගෙන තිබුනා.

මේ වන විට පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා නිවාස නිරෝධායනයට යොමු කර ඇති බවද අදාල ටිව්ටර් පණිවිඩයේ සදහන්.